Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ
Sri Lankan news

ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ

kumudikaBy kumudikaMay 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් (සියයට 70ක) පුරා මැණික් නිධි විහිදී තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇස්තමේන්තු කර ඇත. ලෝකයේ හමුවන මැණික් වර්ග 200 අතරින් මැණික් වර්ග 70ක් දිවයිනෙන් හමුවෙයි.

මෙතෙක් හඳුනා ගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනය විසින් නව තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කර ඇත. පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය යටතේ ඉංගිරිය, දෙහිඕවිට, අයගම සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මූලික මැණික් සිතියම්ගත කිරීමට පියවර ගෙන තිබිණි.

ඇස්තමේන්තු කර තිබෙන දිවයිනේ මැණික් නිධිවලින් සියයට 20ක් ගවේෂණය කර ඇත. හඳුනා ගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතයෙන් පර්යේෂණ සිදු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.

මාතලේ, බදුල්ල, පොලොන්නරුව, මාතර, ගාල්ල, කළුතර, රත්නපුරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක භූගත මැණික් නිධි තිබෙන බව හඳුනා ගෙන තිබෙන අතර පරිසරයට හානි නොවන ලෙස මැණික් කැණීම් සඳහා නිර්නායක හඳුන්වා දී බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ.

2024 වසරේදී ස්වර්ණාභරණ, දියමන්ති සහ මැණික් අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 355ක ආදායමක් උපයා ගෙන තිබේ. 2025 වසරේ දී ආදායම ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
Next Article IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.