Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි
Sri Lankan news

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

kumudikaBy kumudikaMay 18, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගනිමින්, කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීම වර්තමාන රජයේ අරමුණ බව‍ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens ) මහතා සහ කෘෂි කර්ම අමාත්‍යවරයා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාව්දීය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර කෘෂිකාර්මික සබඳතා ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙහිදී මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ නව කෘෂිකාර්මික සහ වගා සැලසුම් පිළිබඳව අමාත්‍යවරයාගේ අදහස් විමසා සිටි අතර දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ඕස්ට්‍රේලියාව උපකාර කළ බවත්, ඉදිරියේදීත් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය මූල්‍යමය සහ උපදේශන සේවාවන් සැපයීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාවේ කෝපි වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් ලබා දෙන බව ද මහකොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නම්, ඉඩම් කුඩා කැබලිවීම අවම කිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දැනට පවතින ගොවි බිම් ගොවියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් විශාල වගා භූමි දක්වා සංවර්ධනය කළ යුතු බවත්, ඒ සඳහා ගොවියන් එකතු වී පිහිටුවා ගන්නා ලද ගොවි සමාගම් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එසේම කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් කිරි ගව පාලනය සහ කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මෙම සමාගම් ක්‍රමය යොදා ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කර, ගොවිජනතාවගේ ආදායම වැඩි කර ගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙයට පිළිතුරු වශයෙන් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉදිරියේදී අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයුධ ජයග්‍රහණයට අදට වසර 16 යි
Next Article රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.