Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්
Sri Lankan news

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

kumudikaBy kumudikaMay 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල පිහිටුවනු ලැබූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීම හා ඒවා වාර්තා කිරීමත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීම සඳහාත් මෙලෙස අමාත්‍යාංශවල සහ රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර ඒකක පිහිටුවා ඇත.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට එය නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක නියාමනය සඳහා පද්ධතියක් පිහිටුවීමට නියමිත අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ඊට පහසුකම් සපයනු ලැබේ.

නව පද්ධතිය ආරම්භ කිරීමත් සමග එම ඒකකවලට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේ සිට, ඊට ප්‍රතිචාර දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දක්වා වන ක්‍රියාවලිය නියාමනයට හැකියාව ලැබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

ජනාධිපති ලේකම්වරයා නිකුත්කර ඇති චක්‍රලේඛයක් අනුව පළමු අදියරේදී අමාත්‍යාංශ සියල්ලේම හා තෝරාගත් රාජ්‍ය ආයතන 40ක එම අභ්‍යන්තර ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි
Next Article ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්
kumudika

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.