Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ
Sri Lankan news

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

kumudikaBy kumudikaMay 20, 2025Updated:May 20, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකා සීනි සමාගමට අයත් බුත්තල පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදිත සීනි අලෙවි නොවීම හා එතනෝල් මිල පහත වැටීම හේතුවෙන් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ අවධානමකට ලක්වී ඇතැයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා පැවසීය.

සීනි මෙට්‍රික් ටොන් 16500 පමණ අලෙවි නොවීම නිසා ගබඩා වල ගොඩ ගැසී ඇත.මේ වන විට සීනි කිලෝවක තොග මිල රුපියල් 218 කි.කලින් එතනෝල් ලීටරයක් රුපියල් 1200 දක්වා ඉහළ ගිය අතර දැනට ලීටරයක මිල රුපියල් 580 දක්වා පහත වැටී ඇති නිසා එතනෝල් සියල්ල අලෙවි වී තිබේ.

එම තත්වය මත නිෂ්පාදිත එතනෝල් අලෙවිය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගී නොමැත.
නමුත් එතනෝල් වලින් ලැබෙන ලාභය එම නිසා අඩු වී තිබේ.ආයතනයේ බැංකු අයිරාව රුපියල් එක් කෝටි එක්දහස් දෙසියයක් පමණ වේ. සේවක අර්ථ සාධක අරමුදල,සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට යැවිය යුතු මුදල් ඇතුළු කෝටි තුන්දහසක් ගෙවීමට ඇත.

මේ වන විට මෙම කන්නයේ උක්ගස් කැපීම ආරම්භකර ඇති අතර ගබඩා වල තිබෙන සීනි අලෙවි නොවුණහොත් ඉදිරියේදී නිෂ්පාදිත සීනි ගබඩා කිරීමට ගබඩා පහසුකම්ද නොමැති බව වාර්තා වේ.

පාලනයකින් තොරව විදේශ රට වලින් වර්ෂයකට සීනි මෙට්‍රික් ටොන් හැටදහසක් පමණ ආනනයනය කිරීම නිසා ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය කරන සීනි අලෙවි නොවන තත්වයක් උදාවී තිබේ.

පැල්වත්ත සීනි කර්මාන්තායතනය මඟින් උක්ගස් මෙට්‍රික් ටොන් එකකට රුපියල් දසදහසක් සහ දුර ප්‍රමාණය අනුව ප්‍රවාහන දීමනාවක්ද ගෙවනු ලබයි.

2025 වසරේදී සීනි මෙට්‍රික් ටොන් තිස් හතරදහසක් පැල්වත්ත සීනි කර්මාන්තායතනයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.

සේවක අතිරික්තයද කර්මාන්තායතනයේ පිරිවැය වැඩිවීමට හේතුවී ඇත.රජය වහාම මැදිහත්වී රටට සීනි ආනයනය කිරීම සීමාකොට දේශීය සීනි නිෂ්පාදනයන් රට තුළ බෙදාහැරීමේ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව සේවකයෝ පවසති.

මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

“රජයට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වල නිෂ්පාදිත සීනි අලෙවිනොවීම ඒවා පවත්වාගෙන යාම ගැටළුවක් වී තිබෙනවා. කර්මාන්ත ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට මෙම ආයතන දෙක ලාභදායී තත්වයෙන් පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. කිසිම හේතුවක් නිසා මෙම ආයතන පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තුවක් නැහැ.

උක් ගොවීන් සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන් ආරක්ෂා වන පරිදි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරියේදී දියත් කරනවා.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ
Next Article Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි
kumudika

Related Posts

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.