සැලසුම් කළ පරිදි අධිවේගි මාර්ගවල කාඩ්පත්
මගින් ගෙවීම් අද සිට ක්‍රියාත්මකයි.
ප්‍රවාහන , මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මෑතකදි ක්‍රියාත්මක කළ තිරසර වැඩසටහනකට අනුව අධිවේගි මාර්ග වල ගෙවීම් කාඩ්පත් මගින් සිදුකිරීමට මූලික සැලසුම් සකස් කෙරුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂණි අධිවේගි මාර්ගය , කොළඹ කටුනායක අධිවේගි මාර්ගය හා මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටු වලදි කාඩ්පත් මගින් හෙට(21) සිට ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත. අන්තර් හුවමාරු 35 ක් හා පිටවිම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් ලබාදීමට නිලධාරී මඩුල්ලද පුහුණු කර අවසන් බව අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.