Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් නායකත්ව කුසලතා ඔප් නංවා ගැනීමට සහ අනාගත ඉල්ලීම් සපුරාලීම සඳහා “උසස් නායකත්ව” වැඩසටහනක්

May 24, 2025

OpenAI එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොව විශාලතම AI දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි

May 24, 2025

එමීර් රාජ්‍යයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඊයෙ වාර්තා වෙයි

May 24, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකානු බදු අඩු කරගන්න රජයෙන් කණ්ඩායමක් නැවතත් ඇමරිකාවට
Sri Lankan news

ඇමරිකානු බදු අඩු කරගන්න රජයෙන් කණ්ඩායමක් නැවතත් ඇමරිකාවට

kumudikaBy kumudikaMay 24, 2025Updated:May 24, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් D.C.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ අතර, ඉන් ආර්ථික සබඳතා සවිමත් කිරීම සඳහා දෙරටෙහිම කැපවීම පිළිබිඹු කරයි.

වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලින් අපේක්ෂා කෙරේ.

මෙම සංචාරයට පෙර, එයින් රටේ අවශ්‍යතා හොඳින් නියෝජනය වන බව තහවුරු කරලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා තිබුණි.

ඉදිරි සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සහතික කිරීම සඳහා අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික උපාය මාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිර්මාල් විග්නේෂ්වරන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දර්ශන පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවාහන ආදායම් බලපත් නිකුත් කිරීමේදී යෝග්‍යතා පරික්ෂණ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්යය කිරීමේ සූදානමක්
Next Article NEXT ඇඟලුම් කම්හලෙන් පාඩුව ඩොලර් මිලියන දහයක් –  වසා දැමීම තීන්දුයි
kumudika

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් නායකත්ව කුසලතා ඔප් නංවා ගැනීමට සහ අනාගත ඉල්ලීම් සපුරාලීම සඳහා “උසස් නායකත්ව” වැඩසටහනක්

May 24, 2025

OpenAI එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොව විශාලතම AI දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි

May 24, 2025

එමීර් රාජ්‍යයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඊයෙ වාර්තා වෙයි

May 24, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.