Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් නායකත්ව කුසලතා ඔප් නංවා ගැනීමට සහ අනාගත ඉල්ලීම් සපුරාලීම සඳහා “උසස් නායකත්ව” වැඩසටහනක්

May 24, 2025

OpenAI එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොව විශාලතම AI දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි

May 24, 2025

එමීර් රාජ්‍යයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඊයෙ වාර්තා වෙයි

May 24, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේදී යෝග්‍යතා පරික්ෂණ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්යය කිරීමේ සූදානමක්
Sri Lankan news

වාහන ආදායම් බලපත් නිකුත් කිරීමේදී යෝග්‍යතා පරික්ෂණ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්යය කිරීමේ සූදානමක්

kumudikaBy kumudikaMay 24, 2025Updated:May 24, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරියේදී වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී වාහනයේ දුම් පරීක්ෂාවට අමතරව යෝග්‍යතා පරීක්ෂණ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

 මේ සම්බන්ධ මූලික කටයුතු සහ වැඩපිළිවෙළක් සැකසීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහන අසූනව ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇතත් මාර්ගවල ධාවනය වන්නේ වාහන හැටලක්ෂයක් පමණි. ඒ බව අනාවරණය වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ඇති වායු විමෝචන භාරකාර අරමුදලේ දත්තවලිනි. එම අරමුදල මගින් වාහනවල දුම් පරීක්ෂණ කටයුතු සිදුකරන අතර එහි දත්තවලට අනුව වාහන ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් ගැන කිසිදු තොරතුරක් නැත.

වාහන ලක්ෂ දහයක් පමණ දුම් පරීක්ෂාවක් අනිවාර්ය නැති දෙමුහුන් හා විද්‍යුත් වාහන වේ. වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දුම් පරීක්ෂණ සහතිකය අනිවාර්ය වන නමුත් බොහෝ වාහනවල කාර්මික දෝෂ හඳුනා ගැනීමක් මෙපමණ කාලයක් සිදුකර නැත. එය බොහෝ අනතුරුවලට ද හේතුවී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

මේ අනුව මාර්ග ආරක්ෂක නව වැඩපිළිවෙළට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණය මත මෝටර් වාහනවල කාර්මික තත්ත්ව පිළිබඳ යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර සිටින බව ද එම නිලධාරියා කීවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනිළි රැජින මාලනිය නිහඬ වෙයි
Next Article ඇමරිකානු බදු අඩු කරගන්න රජයෙන් කණ්ඩායමක් නැවතත් ඇමරිකාවට
kumudika

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් නායකත්ව කුසලතා ඔප් නංවා ගැනීමට සහ අනාගත ඉල්ලීම් සපුරාලීම සඳහා “උසස් නායකත්ව” වැඩසටහනක්

May 24, 2025

OpenAI එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොව විශාලතම AI දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යයි

May 24, 2025

එමීර් රාජ්‍යයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ඊයෙ වාර්තා වෙයි

May 24, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.