Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නිල්ගල වනය රක්ෂිතයක් කෙරේ

June 2, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025

එමීර් රාජ්‍ය නව රථවාහන නීතියක් හඳුන්වා දෙයි

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 3
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»අපේ අනුදිගෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්
sri Lankan special

අපේ අනුදිගෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

kumudikaBy kumudikaMay 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණීමට සමත් වූවාය.

මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වේ. “Miss World” තරගයේ fast-track events අංශයෙන් තෝරා ගන්නා ඉහළම 20 දෙනා අතරට ශ්‍රී ලංකාව පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

Asia and Oceania කලාපයේ Multimedia Challenge අංශයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට තේරීපත්ව සිටින්නේ නවසීලන්තය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නියෝජනය කළ තරගකාරිනියන්ය.

එසේම Americans and caribbean, Europe සහ Africa යන කළාප වලින්ද තරගකරුවන් 15 දෙනෙකු තේරී පත්ව තිබේ.

මෙම තරඟකරුවන් 20 දෙනා එක් අවසාන අභියෝගයකට මුහුණ දීමට නියමිතය.
එහිදී ඔවුන්ගේ ලෝක රූ රැජින ගමනේ සම්පූර්ණ කතාව විස්තර කරන වීඩියෝවක් නිර්මාණය කළ යුතු වේ.

එම වීඩියෝව මිනිත්තු 1 යි තත්පර 30 ක් විය යුතු බව සඳහන් වේ. එය මැයි 29 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10:00 (ඉන්දියානු වේලාවෙන්) වන විට ලෝක රූ රැජින යෙදුමට යොමුකළ යුතුය.

ඒ අනුව, Multimedia Challenge අංශයේ අවසාන ප්‍රතිඵලය මෙම සිකුරාදා (30) ලබා දීමට නියමිතව ඇත. 2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය මැයි 31 වන දින හයිද්‍රාබාද් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකාවෙන්, යුරෝපයෙන් ඉහල ඉල්ලුමක්
Next Article මස්ක් ගේ Starship  යානය කඩා වැටේ
kumudika

Related Posts

නිල්ගල වනය රක්ෂිතයක් කෙරේ

June 2, 2025

ඩුබායි සෆාරි උද්‍යානය නැරඹුම් වාරය අවසන් කර වසා දැමේ

June 2, 2025

එමීර් රාජ්‍ය නව රථවාහන නීතියක් හඳුන්වා දෙයි

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.