Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වංචා දූෂණ වලට සම්බන්ධ දේශපාලඥයන් පිරිසක් රට පැනීමට සැරසෙයි
Sri Lankan news

වංචා දූෂණ වලට සම්බන්ධ දේශපාලඥයන් පිරිසක් රට පැනීමට සැරසෙයි

kumudikaBy kumudikaJune 1, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විවිධ දූෂණ චෝදනාවට ලක් වූ දේශපාලඥයන් ඔවුන්ගේ ඥාතීන් සහ රජයේ නිලධාරීන් පිරිසක් හොර රහසේ පිටරටවලට පැනයාමේ සූදානමක් පිළිබඳව බුද්ධි අංශ මාර්ගයෙන් තොරතුරු අනාවරණය වී ඇත. රජය එම උත්සාහය වැළැක්වීමට ගුවන් තොටුපොළ ඇතුළු අදාල අංශවලට දැනටමත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ. ආගමන විගමන අංශද ඒ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ලබාදී සීරුවෙන් තබා තිබේ. දූෂණ චෝදනාවලට ලක් වූ දේශපාලඥයන් අත්අඩංගුවට පත්වීම හේතුවෙන් දේශපාලනඥයන් විදේශයන්ට මෙසේ පලා යෑම වේගවත් විය හැකි බව ආරක්ෂක අංශ ප්‍රධානීහු අනුමාන කරති.

මෙවැනි විවිධ වංචනික පුද්ගලයන්ට සහ පාතාලකරුවන්ට රට පැනගැනීමට උදව් කරන බෝට්ටුකරුවන් පිරිසක් පිළිබඳව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. එම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

අල්ලස් ගැනීම, දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිතය. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන මේ දිනවල කාර්යක්ෂම ලෙස කෙරෙමින් පවතින බව එම කොමිෂන් සභාව පවසයි.

විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පසුගිය දිනවල ප්‍රශ්න කර ඇත. තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුට ඉදිරි දිනවල කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර  දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම එම කොමිෂන් සභාව වේගවත් කර ඇති බවත් එම සිද්ධීන් සම්බන්ධ සාක්ෂි ගොනුකර ගැනීම අවසන් කළ වහාම අත්අඩංගුවට ගැනීම් කරන බවත් අල්ලස් කොමිසම පවසයි.

ඇතැම් ආයතනවල නිලධාරීන් හෝ සේවකයන් සාමූහිකව එකතු වී අල්ලස් ගැනීම් (අල්ලස් පොකුරු) වැඩි වී ඇති හෙයින්‍ ඒ සම්බන්ධයෙන්ද දැඩි සීරුවෙන් සිටින බව එම කොමිසමේ නිලධාරීහු පවසති.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
Next Article කොරෝනා උපදෙස් පිළිපදින්න – සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්
kumudika

Related Posts

ඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්

June 5, 2025

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.