ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතියේ සිව්වන දිනය අදට (ජූනි 2) යෙදී ඇත.
අද දිනය නම් කර ඇත්තේ ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසයි. ඒ අනුව දිවයින පුරා ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය.

විශේෂයෙන් නිල්ගල වනය රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු විය.
මෙහි සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල, රතුගල ආදිවාසී ජනඋරුම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
මෙහි සංවිධාන කටයුතු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරිණ.
මෙම වනාන්තරයේ ප්‍රධානත ම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය යි. මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වේ. ඒ අනුව නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40683 ක රක්ෂිතයක් අද දින සිට හිමිවේ.