Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බස් අනතුරු අවම කරන්න කෘතීම බුද්ධිය යොදා ගැනීමට සැරසෙයි
Sri Lankan news

බස් අනතුරු අවම කරන්න කෘතීම බුද්ධිය යොදා ගැනීමට සැරසෙයි

kumudikaBy kumudikaJune 6, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රියැදුරන්ට නින්ද යෑම හේතුවෙන් ඇති වන මාරක අනතුරු වළක්වා ගැනීමට මාස 02ක් යෑමට පෙර දුර ගමන් සේවා බස් රථ 40ක් සඳහා කෘත්‍රිම බුද්ධියයෙන් (AI) පාලනය වන විශේෂ පද්ධති 40ක් සවි කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) ප්‍රකාශ කළේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ ජාතික ගමනාගමන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. මෙම ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බවත් ලෝකයේ අනෙක් රටවල මෙවැනි තාක්ෂණයන් මඟින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සියලුම පොදු ප්‍රවාහන සේවා, පද්ධතියක් ලෙස ගෙන නියාමනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු මෙහිදී පැවසීය.

රජයේ ප්‍රවාහන සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, ත්‍රිරෝද, ටැක්සි ඇතුළු සමස්ත මහජන ප්‍රවාහන සේවාවක්ම නියමිත පරිදි අධීක්ෂණය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

යහපත් සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවයක් සහතික කිරීම සඳහා බස්රථවල ප්‍රමිතිය, මාර්ග පද්ධතිය, රියැදුරුවරුන් සම්බන්ධව අධීක්ෂණය, දුර ගමන්වාරවලදී යොදාගන්නා ආපනශාලාවල ප්‍රමිතිය ඇතුළු ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීමට මෙන්ම ක්ෂේත්‍රයේ දැනට පැනනැඟී ඇති ගැටලු විසඳා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

රිය අනතුරු අවම කරගැනීම සඳහා හොඳම මාර්ග පද්ධතියක් අවශ්‍ය බව කී ඇමැතිවරයා ග්‍රාමීය මාර්ග පද්ධතිය ගොඩනඟන බවත් රජය මැදිහත් වී ගොඩනඟන සියලුම මාර්ග අඩුම තරමින් අවුරුදු 12ක් වගකීමක් සහිතව ගොඩනැගීමේ ප්‍රතිපත්තියකට රජය අනුගත බවත් ඇමැතිවරයා පැවසුවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාවේ ජන සංගණනයක් කරන්න සූදානම්
Next Article ඇතැම් දන්තාලේප හා ෂැම්පු වර්ග වල ක්ෂුද්‍ර ප්ලාස්ටික්
kumudika

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.