කොවිඩ් වෛරස රැල්ලක් ඇති බව පවසමින් ජනතාව බිය ගන්වා නැවත වරක් සෞඛ්‍ය බලධාරීන් එන්නත්කරණයට සූදානම් වන බවත් ඒ තුළින් සිදුවන්නේ වසංගත පාලනයක් නොව ලෝක බලවතුන්ගේ අරමුණු ඉටු කරන ජනගහන පාලනයක් බව සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සභාපති දේශීය වෛද්‍ය මංජුල කීරගල මහතා පවසයි.

සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සභාපති වෛද්‍ය මංජුල කීරගල මහතා මේ බව කියා සිටියේ එම කේන්ද්‍රය හෝමාගම ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ වෛද්‍ය මංජුල කීරගල මහතා මෙසේද පැවසීය.

“පෙර පරිදි පී.සී.ආර්. පරීක්ෂණවලට හෝ එන්නත් ලබා ගැනීමට යොමු නොවී ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට වැනි දේශීය ඖෂධ පානයට වැඩි වශයෙන් යොමු වීම වැදගත්.
නැවත වරක් කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. ඉන්දියාවේ මෙපමණ ප්‍රමාණයක් ලංකාවේ මෙපමණ ප්‍රමාණයක් යැයි සංඛ්‍යාලේඛන පවා ඉදිරිපත් කරනවා. ඇත්තටම එහෙම දෙයක් නෑ. කොරෝනා වයිරසය මැඬපැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන් මවාපාන තරම් බරපතළ තත්ත්වයක් නැහැ. ගියවරත් අපි මේ බව රටට කීවා.
බෝවන සෙම්ප්‍රතිශ්‍යාව ඒකට ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට ටිකක් තම්බල බිව්වහම සුව කරගන්න පුළුවන්. වසර 1720ක පමණ සිට ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න පානය කළේ ඉඟුරු , කොත්තමල්ලි , වෙනිවැල්ගැට. ඒ අනුව බලද්දි මේ වයිරසය පාලනය කර ගන්න ශරීර ප්‍රතිශක්තිකරණයට දේශීය ඖෂධ පානය කරාම හොඳටම ප්‍රමාණවත්.
එදා බලධාරීන් ජනතාව බය කරලා එන්නතකට තල්ලු කළා. ඒකෙන් වුණේ හදවත් රෝග, අංශභාග රෝග ඇතුළු අතුරු ආබාධ 1291කට ජනතාව ලක්වීමයි. මේ බව අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් ලබා දුන් නඩු තීන්දුවකින් පවා ඔප්පු වෙලා.
එවන් තත්ත්වයක් මත නැවත වරක් ජනතාව බය කරලා එන්නතකට තල්ලු කරන්න හදනවා. යුරෝපය කොවිඩ් රැල්ල මඟ හරින වටපිටාවක , ආසියාව බය කරලා තමයි මේ එන්නතට තල්ලු කරන්න හදන්නෙ. ජනතාවට කියන්නේ කොවිඩ් කියලා දෙයක් නෑ. තිබුණත් එය මුව ආවරණයක් පැලඳීමෙන් පාලනය කරන්න බැහැ.
කාබන්ඩයොක්සයිඩ් කියන්නේ බැහැර කළ යුතු දෙයක්. නමුත් එය නිසි ලෙස බැහැර කිරීමට මුව ආවරණ පැලඳීම බාධාවක්. ඉන් සිදුවන්නේ යළිත් වරක් අහිතකර අම්ල කර ශරීරගත වෙලා මොළයට විෂබීජ යාමක්. වයිරසයක් සොයා ගන්න නම් රුධිර පරීක්ෂාවක් කරන්න ඕනෑ. පී.සී.ආර්. එකකින් එය හොයන්න බෑ. බලධාරීන් කරන්නෙ පී.සී.ආර්. කරල එන්නතකට තල්ලු කරන්න මිස වයිරසය පාලනය කරන්න නොවෙයි. ඒ තුළින් සිදුවන්නේ ලෝක බලවතුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ජනගහනය පාලනය කිරීමයි.”
සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ සංවිධායක ආයුර්වේද විශාරද ඉන්ද්‍රානී සේනාරත්න හසන් අලි මහත්මිය –
ලෝක බලවතුන් කියනවා ලෝක ජනගහනය අඩු කරන්න ඕන කියල. බිලියන 800 කෝටි 700 දක්වා අඩු කළ යුතු බවට. අන්න ඒ අරමුණ ඉටුකරන්න තමයි මේ එන්නත දෙන්න හදන්නෙ.
පර්යේෂණයක් නොකොට කොවිඩ් 19 කියලා වැක්සින් එකක් හදලා දුන්නා. මේකට විරුද්ධව අමෙරිකාව, නවසීලන්තය, උගන්ඩාව ඇතුළු රටවල් රැසක් අධිකරණයට ගියා. අපිත් නීතිමය පියවර ගත්තා. විදේශීය අධිකරණවලින් නියෝග ලබා දුන්නේ ඒ එන්නත්කරණය වැරදි බවටයි. යළි පී.සී.ආර්. කරන්න හදන්නෙ, මාස්ක් පලඳින්න කියනවා. ලෙඩක් නැතුව ලෙඩක් මවා පානවා. ඒකට හේතුව තමයි එන්නත් දෙන්න. අපි බලධාරීන්ට කියනවා පසුගිය පාලකයෝ වගේ බලහත්කාරයෙන් ජනතාවට එන්නත් කරන්න හදන්න එපා. සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ ලේකම් දේශීය වෛද්‍ය ගයනි රණසිංහ මහත්මියද අදහස් දැක්වූවාය.