Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක්
Uncategorized

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 18, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ පළමු රැස්වීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවතුනා. 

මෙම රැස්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් කොමිසමේ සභාපති සුමිත් අබේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයට අනුව ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය වෙනුවෙන් ජාතික සභාවක් පත්කළ බවත්, ඒ යටතේ අනු කමිටු 2ක් ස්ථාපිත කළ බවත් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී සඳහන් කලා.

එහි එක් කමිටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

ඒ යටතේ මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවක් පත් කර තිබෙන අතර පසුගිය දෙසැම්බර් මස 01දා පාර්ලිමේන්තුවේදී පැවති එහි පළමු රැස්වීමේ දී “ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරිම හා අධීක්ෂණය කිරීම වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව” පත් කර ගැණිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන 2023 වසරේ සිට ඉදිරි වසර 25ට සරිලන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වගකීම මෙම කමිටුවට පැවරී තිබේ.

ඒ අනුව නව ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා වූ සිය අදහස් සහ යෝජනා මෙම දෙසැම්බර් 20වන දිනට පෙර ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන ලෙස කමිටුවට උපදෙස් දුන් ජනාධිපති ලේකම්වරයා එහිදී මීට පෙර මෙරට ක්‍රියාත්මක වූ ජාතික ප්‍රතිපත්තිද සැලකිල්ලට ගැනීමේ වැදගත්කම පැහැදිළි කලා.

නව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත 2022.12.27 වන දින වන විට කෙටුම්පත් කර කමිටු සාමාජිකයින්ගේ සාකච්ඡාවට එය නැවත බඳුන් කරන බවත්, අවසන් වාර්තාව නීති කෙටුම්පත් කිරීම සඳහා 2023.01.15 දින වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කලා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තා යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ මීට එක්ව සිටියා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDEWA හොඳම නිර්මාණශීලී විදුලිය සහ ජල විසඳුම් සන්නාමය සම්මානය දිනාගනී
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යය-වැටුප් වැඩිවීම්, මාස 6ක දළ වැටුප් ප්‍රසාද දීමනාවක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.