Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි
Uncategorized

වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 28, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු දෙසැම්බර් 27 දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙ​ළ​ඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් 27 දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විමට නියමිතව තිබුණා.

කොළඹ පිහිටි සුපිරි වෙලදසැල් වලට සහ මැනිං වෙලදපොල වෙත අවශ්‍ය එලවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කල අතර , එම දුම්රියෙන් මගින්ට ගමන් කිරිමට අවස්තාව නොලැබෙන බවත්, සිඝ්‍රගාමි දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිර පොල්වත්තේගම මහතා කියා සිටියේ.

තවද රටේ පවතින ඉන්ධන අර්බුධයට මේ තුලින් විසදුමක් ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩුකම් සොයා බලා ලබන වසරේ මුල් මාසයේ සිට මෙම දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

උඩරට ප්‍රදේශයේ වගා කරන එලවළු, මල් සහ පලතුරු මෙම විශේෂ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බවත්, නුවරඑලියට අමතරව බණ්ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවල වගා කරන එලවළු, පලතුරු සහ මල් ප්‍රවාහනය කිරීමටත්, නානුඔය දුම්රිය ස්ථානයේ සිට සැම දුම්රිය ස්ථානයකටම ප්‍රවාහන සදහා භාර දෙන එලවළු, පලතුරු සහ මල් මෙම දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක විරසිංහ මහතා පැවසුවා.

තවද කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කරන අවස්ථාවල ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමට අපෙක්ෂා කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

ලොරි රථ වලින් එලවළු ප්‍රවාහනය කරනවාට වඩා දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම පහසු බවත්, ලබන වසරේ මුල් මාසයේ සිට දුම්රිය මගින් එලවළු ප්‍රවාහනය අඛණ්ඩව සිදු කරන බවයි සමස්ත ලංකා ආර් ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර් ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යුක්රේනයේ නිවාස 2,500 සඳහා විදුලි ජනන යන්ත්‍ර
Next Article අවුරුදු සති අන්තයේ ඩුබායි ඩවුන් ටවුන්හි හෝටල් සහ පාම් ජුමෙයිරා හෝටල් වෙන්කරවා ගැනීම් 100% දක්වා
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.