ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) 2023 ජනවාරි 8 වන දින සිට මාස දෙකක කාලයක් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත සතිය පුරා වාහන තාක්ෂණික පරීක්ෂණ සේවාවක් දියත් කර තිබෙනවා.
එනම් Al Mutakamela වාහන පරීක්ෂා කිරීමේ සහ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානය සහ Tasjeel’s Used Car Market Center යන මධ්‍යස්ථාන දෙකේදීයි.
“මෙය මාස දෙකක කාලයක් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත දියත් කොට ඇති අතර, පාරිභෝගිකයින්ගේ ඉල්ලුම සහ ප්‍රතිචාර මත එය විශාල පරිමාණයෙන් සහ තවත් වැඩි මධ්‍යස්ථාන මට්ටමින් පුළුල් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා.” මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නියෝජිතායතනයේ වාහන බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජමාල් අල් සදා විස්තර කලා.
මධ්‍යස්ථාන, ඉරිදා (සති අන්තයේ) සවස 2 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතී. සපයනු ලබන සේවාව වාහනවල තාක්ෂණික පරීක්ෂාවට පමණක් සීමා වෙනවා.
මීට පෙර, RTA සිය වාහන පරීක්ෂණ මධ්‍යස්ථාන 28 හරහා ඒකාකාර වැඩ කරන වේලාවන් හඳුන්වා දෙන ලදී. RTA හි සේවා මධ්‍යස්ථානවල නව වැඩ කරන වේලාවන් උදේ 7 සිට රාත්‍රී 10.30 දක්වා වේ. Tasjeel Hatta මධ්‍යස්ථානය පෙරවරු 8 සිට සවස 4 දක්වාත් Tasjeel Jebel Ali මධ්‍යස්ථානය උදේ 7 සිට සවස 5 දක්වාත් ක්‍රියාත්මක වෙනවා.
සිකුරාදා වැඩ කරන වේලාවන් උදේ සහ සවස වශයෙන් මුර දෙකකට බෙදා තිබෙනවා. සේවා සපයන්නන්ගේ මධ්‍යස්ථාන 28 උදේ සේවා මුරය පෙරවරු 7 සිට දහවල් 12 දක්වාත් 3 සිට 10.30 දක්වා සවස වැඩ මුරයත් ක්‍රියාත්මක වෙනවා. සිකුරාදා Tasjeel Jebel Ali මධ්‍යස්ථානය උදෑසන 7 සිට දහවල් 12 දක්වා පමණක් විවෘත වන අතර Hatta මධ්‍යස්ථානයේ වැඩ කරන වේලාව සවස 3 සිට රාත්‍රී 9 දක්වා සවස වැඩ මුරයට සීමා වෙනවා.