අස්ථාවර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව මහ නගර සභාව සෙනසුරාදා නිවේදනය කලා. උද්‍යාන වසා දැමීම් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍යවලද බෙදාහැර තිබුණා.
ඒ “දැනට රට තුළ පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හේතුවෙන්. සාජා මහ නගර සභාව නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව නිවේදනය කරයි. කාලගුණය යථා තත්ත්වයට පත් වූ පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත කෙරේ, අස්ථාවර කාලගුණය අවසන් වීමෙන් පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත වනු ඇත” යනුවෙනි.
තවද සාජා හි සංචාරක ආකර්ෂණය, නේවාසික ප්‍රදේශය සඳහා දිවෙන ප්‍රධාන මාර්ග කීපයක් වසා දමන බව පොලිසිය ඊයේ නිවේදනය කලා.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාපතනයක් පවතින බැවින් ප්‍රවේශම් වන ලෙසත් කඳු සහ නිම්න ප්‍රදේශ වලින් ඉවත්ව සිටින ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.
සෙනසුරාදා සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවල වර්ෂාව දිගටම පැවතීම නිසා Khor Fakkan නගරයට දිවෙන මාර්ග ගණනාවක් තාවකාලිකව වසා දමා ඇති බව සාජා පොලිසිය නිවේදනය කලා.
වසා දැමූ මාර්ග අතර Nahwah-Shias පාර මෙන්ම Al Haray හි නේවාසික ප්‍රදේශයට දිවෙන නව වීදියද වෙනවා.
ඉහළ කඳුකරයේ සංචාරක ආකර්ෂණයක් වන අල් සුහුබ් තානායම වෙත යන මාර්ගය මෙන්ම අල් රබී කුළුණ ද වසා දමා දැමුණා.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශයේ නිම්න පිරීයාමට පටන් ගැනීමත් සමඟ මහජනතාව ආරක්ෂිතව තැබීමට මෙම තීරණය ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර ඩුබායිහි Global Village ද ඊයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වසා දමන්නට බලධාරීන් තීරණය කොට තිබුණා.
Global Village සාමාන්‍යයෙන් සෑම දිනකම සවස 4 ට විවෘත වෙනවා. සෙනසුරාදා එය තාවකාලිකව වසා දැමීම “ගෝලීය ගම්මානයේ අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුවපහසුව සහ යහපැවැත්ම සහතික කිරීම” බව ට්වීටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබුණා.
Global Village Outdoor attraction ජනවාරි 8 සවස 4 ට නැවත විවෘත කිරීමට නියමිතයි