Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»අස්ථාවර කාලගුණය නිසා සාජාහි සියලුම උද්‍යාන, සංචාරක ආකර්ෂණය සහ ඩුබායිහි Global Village ද ඊයේ වසා දැමුණා
Climate

අස්ථාවර කාලගුණය නිසා සාජාහි සියලුම උද්‍යාන, සංචාරක ආකර්ෂණය සහ ඩුබායිහි Global Village ද ඊයේ වසා දැමුණා

Stanly KularathnaBy Stanly KularathnaJanuary 8, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අස්ථාවර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව මහ නගර සභාව සෙනසුරාදා නිවේදනය කලා. උද්‍යාන වසා දැමීම් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍යවල​ද බෙදාහැර තිබුණා.

ඒ “දැනට රට තුළ පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය හේතුවෙන්. සාජා මහ නගර සභාව නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව නිවේදනය කරයි. කාලගුණය යථා තත්ත්වයට පත් වූ පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත කෙරේ, අස්ථාවර කාලගුණය අවසන් වීමෙන් පසු උද්‍යාන නැවත මහජනතාව සඳහා විවෘත වනු ඇත” යනුවෙනි.

තවද සාජා හි සංචාරක ආකර්ෂණය, නේවාසික ප්‍රදේශය සඳහා දිවෙන ප්‍රධාන මාර්ග කීපයක් වසා දමන බව පොලිසිය ඊයේ නිවේදනය කලා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාපතනයක් පවතින බැවින් ප්‍රවේශම් වන ලෙසත් කඳු සහ නිම්න ප්‍රදේශ වලින් ඉවත්ව සිටින ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

සෙනසුරාදා සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවල වර්ෂාව දිගටම පැවතීම නිසා Khor Fakkan නගරයට දිවෙන මාර්ග ගණනාවක් තාවකාලිකව වසා දමා ඇති බව සාජා පොලිසිය නිවේදනය කලා.

වසා දැමූ මාර්​ග අතර Nahwah-Shias පාර මෙන්ම Al Haray හි නේවාසික ප්‍රදේශයට දිවෙන නව වීදියද වෙනවා.

ඉහළ කඳුකරයේ සංචාරක ආකර්ෂණයක් වන අල් සුහුබ් තානායම වෙත යන මාර්ගය මෙන්ම අල් රබී කුළුණ ද වසා දමා දැමුණා.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශයේ නිම්න පිරීයාමට පටන් ගැනීමත් සමඟ මහජනතාව ආරක්‍ෂිතව තැබීමට මෙම තීරණය ගෙන ඇති බවයි පොලිසිය පවසන්​නේ.

මේ අතර ඩුබායිහි Global Village ද ඊයේ පැවති ​ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වසා දමන්නට බලධාරීන් තීර​ණය කොට තිබුණා​.

Global Village සාමාන්‍යයෙන් සෑම දිනකම සවස 4 ට විවෘත වෙනවා. සෙනසුරාදා එය තාවකාලිකව වසා දැමීම “ගෝලීය ගම්මානයේ අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුවපහසුව සහ යහපැවැත්ම සහතික කිරීම” බව ට්වීටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබුණා.

Global Village Outdoor attraction ජනවාරි 8 සවස 4 ට නැවත විවෘත කිරීමට නියමිතයි

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි මාර්ග 13ක් ඉරිදා අර්ධ වශයෙන් වසා දැ​මේ
Next Article දසුන්ව මිලදි ගැනීමට සල්ලි මදිවේවි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.