Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA – එමිරාතිවරුන් 1,000ක් ඉංජිනේරු සහ තාක්ෂණික සේවාවන් සඳහා පුහුණු කරයි
RTA

RTA – එමිරාතිවරුන් 1,000ක් ඉංජිනේරු සහ තාක්ෂණික සේවාවන් සඳහා පුහුණු කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 10, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සිසුන් 1,000ක් සඳහා දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් 2022 නොවැම්බර් මස ආරම්භවී 2023 ජනවාරි මස දක්වා පැවැත්වූ අත​ර මේ වනවිට ඔවුන් පුහුණුව අවසන් වී සුදුසුකම් සම්පූර්ණ කොට ඇත. මෙම වැඩසටහනට මෘදුකාංග ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, පරිගණක විද්යාව සහ සයිබර් ආරක්ෂාව, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර ඇතුළත් විය.

“සිසුන් 1,000ක් සඳහා වූ පුහුණු වැඩසටහන තුලින් එමිරාති උපාධිධාරීන් ඉලක්ක කර ඔවුන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට සහ ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත් RTA විසින් අනාගතය සඳහා අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමත් සිදුකරනවා. RTA තුළ කැපී පෙනෙන උපාධිධාරීන් සඳහා ස්ථානගත කිරීම් ද සපයනවා” මානව සම්පත් හා සංවර්ධන අධ්‍යක්ෂ අධාරි මොහොමඩ් පැවසීය.

“RTA විසින් ඉලක්කගත ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වන පරිදි වැඩසටහන සඳහා මාර්ග සිතියමක් සකසා තිබෙනවා. අපි ඉහළම විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධීකරණය කර, කැපී පෙනෙන සිසුන්ගේ තොරතුරු සම්පාදනය මගින්, වර්තමාන සහ අනාගත වැදගත්කම අනුව අපේක්ෂක සිසුන්ගේ නම් ලැයිස්තුගත කො​ට තිබෙනවා. අපි RTA හා සම්බන්ධ විවිධ විශේෂිත ක්ෂේත්‍රවල උපාය මාර්ගික හවුල්කරුවන්​ද ලැයිස්තුගත කළෙමු.

Dutsche Bahn, International Association of Public Transport (UITP), International Road Federation (IRF), ERTICO, සහ Keolis-MHI,” යන හවුල්කරුවන් විසින් විශේෂිත පුහුණු වැඩසටහන් හඳුනාගෙන ඇත. ඇය තවදුරටත් පැවසුවාය.

27 ඉංජිනේරු මේජර් වරුන්

මෙම වැඩසටහනට මෘදුකාංග ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, තොරතුරු තාක්ෂණය, ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ අලෙවිකරණය වැනි RTA සඳහා අවශ්‍ය ඉංජිනේරු සහ අනාගත විෂයයන් 27ක් ඇතුළත් විය. යටිතල පහසුකම්, ස්මාර්ට් නගර, දුම්රිය මෙහෙයුම්, අනාගත දූරදර් ශීභාවය, වත්කම් කළමනාකරණය, සයිබර් ආරක්ෂාව, ස්වයංක්‍රීය සහ ස්මාර්ට් ප්‍රවාහනය සහ ව්‍යාපෘති කළමනාකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි ද එය අවධානය යොමු කලා. විශ්වවිද්‍යාල හතකින් සහ රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතන හතකින් මේ ​සඳහා සිසුන් තෝරා ගන්නා ලදී.

තෝරාගැනීමේ පිළිවෙත

අනුබද්ධ සිසුන් තෝරා ගැනීම සඳහා නිශ්චිත නිර්ණායක සකස් කර තිබුණි. ප්‍රධාන වශයෙන්, සිසුන් UAE හි පුරවැසියන් විය යුතුය, අධ්‍යයන ක්ෂේත්‍රය RTA අවශ්‍ය විෂයයන් තුළ තිබිය යුතුය. ඔවුන් වසර තුනකට නොවැඩි කාලයක් උපාධිධාරීන් වී තිබිය යුතු අතර, 3.5 හෝ ඊට වැඩි GPA සාමාර්ථයක් ලබාගෙන තිබිය යුතුය.

විශේෂිත ජාතික නිපුණතා ආකර්ෂණය කර ගැනීමට සහ සුදුසුකම් ලැබීමට, සිසුන් අධ්‍යාපනයට සහ සුදුසුකම් ලබා ගැනීමට ආයෝජනය කිරීමට, නව උපාධිධාරීන්ට විශේෂිත රැකියා කුසලතා ලබා දීමෙන් රැකියා අවස්ථා නිර් මාණය කිරීමට, RTA සඳහා සුවිශේෂී ආයතනික කීර් තියක් ඇති කිරීමට සහ කැපී පෙනෙන සිසුන් ආකර් ෂණය කර ගැනීමට මෙම වැඩසටහන දායක වී තිබෙනවා.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ කොටස් වෙළෙඳපොළ ශ්‍රේණිගත කිරීම් ව​ල UAE පස්වන ස්ථානය​ට
Next Article අබුඩාබිය ලෝකයට සම්බන්ධ කරන එතිහාඩ් දුම්රිය පාල​ම
Stanly Kularathna

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය රියදුරු බලපත්‍රය සහ ලියාපදිංචිය ලබා ගැනීමේ කටයුතු පහසු කරයි

May 16, 2025

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.