Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»රියාද්හි මාස හයක දැරියට එමිරාති දැරියගෙන් හදවතක්
Health

රියාද්හි මාස හයක දැරියට එමිරාති දැරියගෙන් හදවතක්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මියගිය මාස නවයක් වයසැති බිළිඳෙකුගේ හදවත සෞදි රියාද්හි මාස හයක දැරියට හදවත් සැත්කමත් මගින් සාර්ථකව බද්ධ කර තිබෙනවා. මෙම හදවත් බද්ධ කිරීම මැදපෙරදිග කලාපයේ සිදුකල ලාබාලතම හදවත් බද්ධකිරීම ලෙසයි වාර්ථා වන්නේ.

මෙහිදී පළමුව සෞදි ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් රියාද් සිට ඩුබායි වෙත ගොස් අල් ජලීලා ළමා විශේෂ රෝහ​ලේ මියගිය මාස නවයක් වයසැති දැරිය ගේ හදවත ඉවත් කිරීම සිදුකලා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවෙකුගේ පවුල විසින් නව හදවත පරිත්‍යාග කර තිබුණා.

පසුව කිං ෆයිසාල් විශේෂඥ රෝහල් (KFSH) හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ළමා හෘද සැත්කම් කණ්ඩායම විසින් තාවකාලික කෘත්‍රිම පොම්ප ආධාරයෙන් ජීවත් වූ මාස හයක් වයසැති දැරියට හදවත බද්ධ කිරීම සිදු කලා.

මේ දැරිය හෘදයාබාධයකින් පෙලෙමින් සිට ඇති අතර ඇයගේ පැවැත්ම සඳහා හදවතක් බද්ධ කිරීම ඉතා වැදගත් සහ අත්‍යාවශ්‍යම කාරණයක් විය.

බද්ධ කිරීම සාර්ථක කරගැන්ම​ට ඉහළ පළපුරුදු වෘත්තිකයන්, උසස් වෛද්‍ය යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර සැපයුම් සහාය සහ සහයෝගීතාව අවශ්‍ය වුණා.

ඉන්ද්‍රිය බද්ධ කිරීමේ සෞදි මධ්‍යස්ථානය, සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම සහ මානව අවයව හා පටක පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම නියාමනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික මධ්‍යස්ථානය ඩුබායි සහ රියාද් අතර ප්‍රධාන භූමිකාවක් ඉටු කරණු ලැබුවා.

මෙම හදවත් සැත්කමෙන් පසුව, ළදරුවාගේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණු වී ඇති අතර කිං ෆයිසාල් විශේෂඥ රෝහල් විශේෂඥයින් විසින් ඇය දිගටම නිරීක්ෂණය කරනු ලබනවා.

කිං ෆයිසාල් විශේෂඥ රෝහල ළමුන් සහ වැඩිහිටියන් සඳහා වන අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානය මැද පෙරදිග ඇති විශාලතම මධ්‍යස්ථානය වෙනවා.

1988 දී එය ස්ථාපිත කිරීමෙන් පසු, මධ්‍යස්ථානය හදවත් බද්ධ කිරීම් 431 කට වඩා සාර්ථකව සිදු කර තිබෙනවා.

අල් ජලිලා ළමා විශේෂ රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය මොහොමඩ් අල් අවධි පැවසුවේ රියාද් හි සැත්කම ළමා ජීවිත බේරා ගැනීම සඳහා කලාපයේ වෛද්‍ය කණ්ඩායම් එක්ව ක්‍රියා කිරීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවයි. වෛද්‍ය මොහොමඩ් අල් අවධි පරිත්‍යාගශීලී පවුලට නව ජීවිතයක් ලබා දීම ගැන ස්තූති කලා.

Featured Middle East UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි Al Safa මෙට්‍රෝ දුම්රිය ස්ථානය Onpassive ලෙස නම් කෙ​රේ
Next Article ඩුබායි කුලී රථ ගාස්තු අඩු කෙරේ
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.