Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»2027 වන විට ඩුබායි කුලී රථ 100% පරිසර හිතකාමී බවට පත් කිරීමට නියමිතයි
RTA

2027 වන විට ඩුබායි කුලී රථ 100% පරිසර හිතකාමී බවට පත් කිරීමට නියමිතයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 9, 2023Updated:February 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2027 වන විට ඩුබායි හි කුලී රථ (ඩුබායි ටැක්සි සහ පත්කල නියෝජි​ත සමාගම්හි කුලී රථ) 100% පරිසර හිතකාමී (Hybrid, විදුලි සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන) බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත. බලශක්ති පිළිබඳ ඩුබායි උත්තරීතර කවුන්සිලයේ අවශ්‍යතා, හරිත ආර්ථිකය, ධාවනය සහ පුළුල් පාරිසරික තිරසාරත්වය සඳහා ඩුබායි රජයේ උපාය මාර්ගික උපදෙස් වලට අනුකූලවන ලෙස මෙම සැලැස්ම ක්‍රියාත්මක වනු ඇත.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිගරු Mattar Al Tayer මහතා පැවසුවේ, “ටැක්සි රථ පරිසර හිතකාමී වාහන බවට පත් කිරීමේ සැලැස්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලශක්ති භාවිතය ප්‍රශස්ත කිරීම සහ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා එමීර් රාජ්‍යයේ උපජනාධිපති, අගමැති හා ඩුබායි පාලකයා අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ නියමයන්​ට අනුකූලව සිදු කරනු ලබනවා. ඩුබායි හි කීර්ති නාමයට සරිලන ආරක්ෂිත, පිරිසිදු සහ තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා RTA තීරණාත්මක පියවර ගෙන තිබෙනවා. හරිත වාහන හඳුන්වා දීමට සහ පිරිසිදු පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට ඩුබායි රජය දරන උත්සාහයට මෙම මුලපිරීම මගින් සහාය වෙනවා.

මෙම වැදගත් ජයග්‍රහණය බලශක්ති භාවිතය ප්‍රශස්ත කිරීම, තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සහ හරිත ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛයා ලෙස ඩුබායි ස්ථානගත කිරීමේ පුළුල් ඉලක්කය සමඟ සමගාමී​ව සිදුකෙරෙනවා.

“පස් අවුරුදු සැලැස්ම (2023-2027) මගින් ඉලක්කගත 100% සාක්ෂාත් කර ගැනීම සඳහා වසරකට 10% ක අනුපාතයකින් වසර පහක් ඇතුළත මුළු කුලී රථ ඇණියම සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී (Hybrid, විදුලි සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන) බවට පත් කිරීම අරමුණු කරයි. මෙම සැලැස්ම 2050 වන විට පොදු ප්‍රවාහන මාධ්‍ය කාබන් විමෝචනයකින් තොර බවට පරිවර්තනය කිරීම සඳහා RTA හි මාර්ග සිතියම සමඟ සමපාත වෙනවා” Al Tayer පැහැදිලි කළේය.

“2008 දී RTA ආරම්භ කරන ලද පරිසර හිතකාමී වාහන පිළිබඳ අත්හදා බැලීම්වල ප්රතිඵල අනු​ව, කාබන් විමෝචනය, ඉන්ධන පරිභෝජනය සහ නඩත්තු වියදම් අඩු කිරීම මෙන්ම ශබ්ද මට්ටම් අඩු කිරීමේ පාරිසරික ප්රතිලාභ තහවුරු කළේය. සාමාන්‍ය වාහනවලට සාපේක්ෂව හයිබ්‍රිඩ් වාහනවල ආයු කාලයද වැඩි වන අතර දිගුකාලීනව පිරිවැය අඩුය. සාමාන්‍ය වාහන වලට සාපේක්ෂව ඒවා​යේ මිල, නඩත්තු ගාස්තු, ඉන්ධන වියදම්, රක්ෂණ වාරික සහ වෙනත් ආශ්‍රිත පිරිවැය සාමාන්‍ය 50%ක් තරම් අඩු විය හැකියි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 19 ​ක ජයක්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සේවා රැගත් ගුවන් යානා දෙකක් සිරියාවට
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.