ඊයේ දිනයේදී ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර ඩුබායි ඉන්ටර් නැෂනල් ක්රිකට් ස්ටේඩියම්හිදී පැවති තරගයෙන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායමට ලකුණු 19 ක ජයක් හිමිවූවා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්ම පන්ඳු රැකීම තෝරාගත්තා.
ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7කට ලකුණු 178 රැස්කලා.
පිලිතුරු ඉනිම ක්රීඩා කල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම පන්ඳු ඕවර 19.4 තුල සියළුදෙනාම දැවී ලබාගතහැකිවූයේ ලකුණු 159 පමණි.
මේ අනුව ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම ලකුණු 19 ක ජයක් වාර්ථා කලා.
ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 31 රැස්කල අතර එයට හතරේ පහර 4 සහ හයේ පහර 1 ඇතුලත් වුනා. පන්ඳු යැවීමේදී ඔහු පන්ඳු ඕවර 4 ක් යවා ලකුණු 36 කට කඩුලු 3 ලබාගත්තා.
අද පැවැත්වෙන තරගය
අද දින එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය සාජා ක්රිකට් ස්ටේඩියම්හිදී රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඩුබායි කැපිටල්ස් කන්ඩායම නියෝජනය කරමින්
- දසුන් ශානක
- භානුක රාජපක්ෂ
- ඉසුරු උදාන
- නිරෝෂන් දික්වැල්ල
- චාමික කරුණාරත්න ක්රීඩා කිරීමට නියමිතයි
අපේ ශ්රී ලාංකික ක්රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා කරන අතර ක්රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.