Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»වීසා සම්බන්ධ ගැටළු පිළිබඳ ඩුබායිහි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ GDRFA: පළමු අදියරේ අවසානය නිවේදනය කරයි
Visa

වීසා සම්බන්ධ ගැටළු පිළිබඳ ඩුබායිහි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ GDRFA: පළමු අදියරේ අවසානය නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 26, 2023Updated:February 26, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි පදිංචිය සහ විදේශික කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA) විසින් ජනතාව​ට ඔවුන්ගේ වීසා සම්බන්ධ ගැටළු සඳහා උපකාර කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කොට තිබෙනවා.

ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කිරීමත් සමග සෙනසුරාදා උදෑසන සිටි සෙන්ටර් ඩෙයිරා හි විවෘත කරන ලද GDRFA කුටි​ය දැන් වසා ඇති අත​ර දෙවන අදියර ක්‍රියාත්මක කරන දිනය හා ස්ථානය ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.

මෙ​ය දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පමණි පොදු සමාවක් නොවේ

වීසා සම්බන්ධ ගැටළු සඳහා උපකාර ලබාදීම​ට GDRFA විසින් සිටි සෙන්ටර් ඩෙයිරා හි ස්ථාපනය කල කුටි​ය වෙත ජනතාව විශාල වශයෙන් පැමිණ සිටියා. ඇතැමෙක් උදේ 7ටත් පෙර සිටම පැමිණ සිටි​යේ ඔවුන් කාලය ඉක්මවා රැඳී සිටීමේ තත්ත්වය හෝ කල් ඉකුත් වූ ලේඛන යාවත්කාලීන කරන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක් ලබා ගැනීමයි.

මෙම ව්‍යාපාරය පොදු සමාවක් නොවන බවත්, වීසා සම්බන්ධ ගැටළු වලදී ඔවුන්ට අනුගමනය කළ හැකි නීතිමය විකල්ප මොනවාද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වන සාමාන්‍ය දැනුවත් කිරීමේ මෙහෙයුමක් බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කොට තිබුණා.

Pinas Travel හි අධ්‍යක්ෂක පිලිපීන ජාතික ජෙෆ්රි සලාටන් පැවසූ​යේ “මෙම ව්‍යාපාරය වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් දැනුවත් කිරීම සඳහා පවත්වන්නක් පමණක් නොව, වීසා ගැටලුවලට මුහුණ දෙන අයගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවිය හැකි මානුෂීය ක්‍රියාවක් ද වෙනවා. එවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම රජය විසින් කරන ලද විශිෂ්ට මුලපිරීමක්” වන බවයි.

සෙනසුරාදා සිටි සෙන්ටර් ඩෙයිරා හි පිහිටි GDRFA වෙත ගිය ඉන්දියානු ජාතික කාන්තාවක් පැවසුවේ ඇය සහ ඇගේ ​ජාතිකයන් මෙහි පැමිණියේ “ඔවුන් මුහුණදී සිටි​න තත්වය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම ඔවුන්ගේ කනස්සල්ල විසඳීමට ගත යුතු ඊළඟ පියවර පිළිබඳව පැහැදිලි කිරීම් සහ මග පෙන්වීමක් ලබා ගැනීමට” බවයි.

‘අපි ඉන්නේ උදව් කරන්න’

කලින් සමාජ මාධ්‍ය සටහනක, GDRFA පැවසුවේ දැනුවත් කිරීමේ මෙහෙයුම “ඇතුල්වීම් සහ පදිංචිය පිළිබඳ නීතිවලට අනුකූල සංස්කෘතියක්” දිරිමත් කිරීම අරමුණු කරගත් බවයි. GDRFA හි පාරිභෝගික සතුට පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් Salem bin Ali, බියෙන් සැකෙන් තොරව ඔවුන් වෙත පැමිණෙන ලෙස ජනතාවට උපදෙස් දුන්නා. “ඔබ වසර 10 ක් පුරා අනවසරයෙන් රැඳී සිටියත්, අපගේ කාර්ය මණ්ඩලය ඔබ වෙනුවෙන් විසඳුමක් සොයනු ඇත,” ඔහු Instagram පණිවුඩයක පවසා තිබුණා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSMS මගින් ඩුබායි බස් වේලාවන් දැ​නගන්​න
Next Article ඩුබායි හි පොදු ප්‍රවාහන භාවිතය 35% කින් වැඩි වෙයි
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.