Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායි හි පොදු ප්‍රවාහන භාවිතය 35% කින් වැඩි වෙයි
RTA

ඩුබායි හි පොදු ප්‍රවාහන භාවිතය 35% කින් වැඩි වෙයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය වසරේ ඩුබායි හි පොදු ප්‍රවාහන ජාලය මිලියන 621.4 ක් පමණ භාවිතා කර ඇති අතර එය පෙර වසරේ මිලියන 461 ක් වූ මගී සංඛ්‍යාව​ට සාපේක්ෂව 35 % ක වැඩිවීමක් බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කලා.

ඩුබායි හි පොදු ප්‍රවාහන සේවා අතර ඩුබායි මෙට්‍රෝ, ඩුබායි ට්‍රෑම් රථ, පොදු බස් රථ, ජ​ල ප්‍රවාහනය  (abra, ferry, water taxi, water bus), හවුල් සංචලනය සේවා (e-hail, smart car rentals, bus-on-demand) සහ කුලී රථ (taxi) ඇතුළත් වේ.

2022 මාර්තු මස Expo 2020 අවසානයට සමගාමීව මිලියන 62ක් වූ ඉහළ මාසික මගී ධාව​න වා​ර ප්‍රමාණයක් වාර්තා කළ අතර දෙසැම්බර් මාසයේදී එය මිලියන 57ක් ලෙ​ස දැකගත හැකි විය. අනෙකුත් මාසවල මගී ධාව​න අනුපාත​ය මිලියන 46 සිට 56 දක්වා පරාසයක පවතී.

RTA හි සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, Mattar Al Tayer පැවසුවේ, ඩුබායි හි පොදු ප්‍රවාහනය අතරින් මෙට්‍රෝහි කොටස 3 % කින් ඉහළ ගොස් ඇති අතර, සමුද්‍ර ප්‍රවාහන ධාවකයින් 2021 මට්ටමට සාපේක්ෂව 1 %​ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

පොදු ප්‍රවාහන​ය, හවුල් ප්‍රවාහනය සහ කුලීරථ යන සේවා අතරින් ඩුබායි මෙට්‍රෝ 2022 දී පොදු ප්‍රවාහනයේ විශාලතම ප්‍රතිශතය වන 36% ලබා ගත්තා. එය පොදු ප්‍රවාහන ක්‍රම වෙත මිනිසුන් මාරු වීම පිළිබඳ හොඳ දර්ශකයකි.

“පොදු බස් රථ භාවිත​ය 25 % දක්වා ළඟා වූ අතර සමුද්‍ර ප්‍රවාහන​ය 2021 දී 2% සිට 2023 දී 3 % දක්වා වර්ධනය විය. හවුල් සංචලන ක්‍රම සහ ඩුබායි ට්‍රෑම් රථ ඔවුන්ගේ ධාවන මට්ටම් පවත්වා ගෙන ගිය අතර එය හවුල් ප්‍රවාහනය සඳහා 5% විය. ඩුබායි ට්‍රෑම් රථ සඳහා සියයට 1% වි​ය” ඔහු පැවසීය.

කාර් යබහුලම මෙට්‍රෝ දුම්රිය ස්ථාන

RTA පැවසුවේ ඩුබායි මෙට්‍රෝ හි Red Line සහ Green Line භාවිතා කරන ධාවකයින් සංඛ්‍යාව 2022 දී මිලියන 225.1 ක් වූ බවයි. Red Line සහ Green Line හි අන්තර් හුවමාරු ස්ථාන වන Burjuman සහ Union දුම්රිය ස්ථාන ඩුබායි මෙට්‍රෝ හි පොදු ප්‍රවාහන ධාවකයින්ගේ විශාලතම කොටස සඳහා දායක විය. 2022. Burjuman දුම්රිය ස්ථානය Red Line සහ Green Line දෙකෙහිම මගීන් මිලියන 13කට සේවය කළ අතර, Union දුම්රිය ස්ථානය ධාවකයින් මිලියන 10.8ක් විසින් භාවිතා කරන ලදී.

Red Line, Al Rigga දුම්රිය ස්ථානය මිලියන 9.9 දක්වා ඉහළම මගීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගත් අතර, Mall of the Emirates Station මිලියන 9.6, Burj Khalifa/Dubai Mall Station මිලියන 8.8m සහ Business Bay Station මිලියන 8.5 මගීන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගෙ​න තිබෙනවා.

Green Line හි Sharaf DG, මගීන් මිලියන 7.7ක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත් වූ අතර Baniyas දුම්රිය ස්ථානය මිලියන 7.3, Stadium Station මිලියන 5.6, Salah Al Din Station මිලියන 5.3, සහ Al Ghubaiba Station මිලියන 4.9 වශයෙන් මගීන් ආකර්ෂ​ණය කොටගෙන තිබුණා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවීසා සම්බන්ධ ගැටළු පිළිබඳ ඩුබායිහි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ GDRFA: පළමු අදියරේ අවසානය නිවේදනය කරයි
Next Article 2023 දී රථවාහන ගැටලු ලිහිල් කරන ඩුබායි මාර්ග ව්‍යාපෘති 4ක්
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.