Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Food & Restaurant»රැකියා විරහිත, වීසා ගැටළු ඇති අයට නොමිලේ ආහාර ලබා දෙන UAE අවන්හල්
Food & Restaurant

රැකියා විරහිත, වීසා ගැටළු ඇති අයට නොමිලේ ආහාර ලබා දෙන UAE අවන්හල්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 28, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පුණ්‍ය කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතිය සහ සමාජය තුළ මුල් බැස ඇති අතර එය පුද්ගලයන්ට පමණක් සීමා නොවේ. එම කටයුතු තම ව්‍යාපාර වැඩකටයුතු අතරට​ද එක් කරගනිමින් මානුෂී​ය හැඟීමෙන් දුකට වේදනාවට පත් අය හට හැකි අයුරින් සහය දීමට ඉදිරිපත් වන අය සමාජයෙහි දක්න​ට ලැබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බිලියනයක ආහාර වැඩසටහන යටතේ පසුගිය වසරේ වාර්තාගත ආහාර වේල් මිලියන 600ක් පරිත්‍යාග කොට තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ, බොහෝ ආසියානු සහ අරාබි අවන්හල් අවශ්‍යතා ඇති කම්කරු මට්ටමේ සේවකයින්ට සහ සංචාරක වීසා බලපත්‍රයක් මත සිටින පුද්ගලයින්ට, විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවල අය​ට නොමිලේ ආහාර ලබා දෙනවා.

මෙම ආපනශාලා ප්‍රධාන වශයෙන් අරාබි, පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියානු ආහාර වර්ග සපයනවා. නොමිලේ ආහාර සපයන අවන්හල් ලැයිස්තුව පහත දැක්වේ:

Foul W Hummus: මෙම අරාබි අවන්හල අවශ්‍යතා ඇති  අයට නොමිලේ ආහාර ලබා දෙයි. ඔවුනට මෙම අවන්හලේ මෙනුවෙන් අවශ්‍ය ආහාර තෝරා ගත හැකිය.

“නොමිලේ ආහාර ලබා දීමේ සංකල්පය බිහිවූයේ කිසිවකු කුසගින්නේ නොසිටිය යුතුය යන ප්‍රතිපත්තියේ සිටය – විශේෂයෙන්ම කම්කරුවන් සහ දිනපතා රැකියා සොයමින් පිටතට යන අය”, ජෝර් දාන විදේශික සහ Foul W Hummus හි හිමිකරු වන 39 හැවිරිදි Fadi Ayyad, පැවසීය.

Mall of Emirates අසල Al Barsha-1 හි පිහිටි ඔහුගේ අවන්හලේ වීදුරු බිත්තියේ ලියා තිබුණේ අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් කියවන වාක්‍ය ඛණ්ඩයකි: “ඔබට ආහාර මිලදී ගත නොහැකි නම්, එය නොමිලේ​ය. මෙය අල්ලාහ්ගෙන් (දෙවියන්) තෑග්ගකි. “

Fatta Kawareh: Abu Hail හි පිහිටි මෙම ඊජිප්තු ආපන ශාලාව ද අවශ්‍යතා ඇති අයට නොමිලේ ආහාර සපයයි. ආපනශාලා කළමනාකරු Atiya Yousef පැවසුවේ පසුගිය වසරේ ශුද්ධ වූ රාමසාන් මාසය තුළ මෙම වැඩසටහන දියත් කරන ලද්දේ ආහාර වේලක් ලබා ගත නොහැකි පුද්ගලයින් ද අවන්හලට පැමිණෙන බව පෙණීගිය නිසා බැවිනි.

Yummy Dosa: ඉන්දියානු ආපන ශාලාව රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයින්ගෙන් සහ ඔවුන්ගේ ආහාර වේල සඳහා ගෙවීමට මුදල් නොමැති අයගෙන් අය නොකෙරේ. Yummy Dosa හි කළමනාකාර අධ්‍යක්ෂ Jugal Parekh පැවසුවේ රුධිර පරිත්‍යාගශීලීන් සඳහා නොමිලේ ආහාර සෑම විටම ලබාදෙන බැවින් රුධිර පරිත්‍යාග කළ රිසිට්පතක් ඇති පුද්ගලයින්ට ඩුබායි සහ සාජා හි ඔවුන්ගේ අවන්හල් තුනෙන් ඕනෑම ස්ථානයකට ගොස් කිසිදු ගෙවීමකින් තොරව අවන්හලේ ආහාර භුක්ති විඳිය හැකි බවයි.

Karachi Star: පකිස්තාන සහ ඉන්දියානු කෑම වර් ග සපයන මෙම අවන්හල, දුප්පතුන්ට සහ මුදල් නොමැති සංචාර වීසා බලපත්‍ර ම​ත සිටින විදේශිකයන්ට නොමිලේ ආහාර පිරිනමයි “රැකියා විරහිත, හෝ සංචාර වීසා මත සිටින හෝ වීසා බලපත්‍ර කල් ඉකුත් වූ පුද්ගලයින්ට සාජා හි අපගේ අවන්හල් වෙත පැමිණිය හැකිය, අපි ඔවුන්ට නොමිලේ ආහාර වේලක් ලබා දෙන්නෙමු” Karachi Star ආපන ශාලාව හිමිකරු ෂහීඩ් අස්ගර් බංගාෂ් පැවසීය. මෙම සේවාව අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඔවුන් අයත් රට කුමක් වුවත් ඔවුන් වෙත පිරිනමනු ලැබේ.

Shinwari Tikka: Deira හි පිහිටා ඇති මෙම අවන්හල උපකාර පතන ඕනෑම කෙනෙකුට නොමිලේ ආහාර පිරිනමයි. “සාමාන්‍යයෙන් අපට දිනකට නොමිලේ ආහාර වේලක් ඉල්ලා සිටින පුද්ගලයින් හතර දෙනෙක් පමණ ලැබේ – සමහර විට ඊටත් වඩා” අවන්හලේ හිමිකරු කයිර් අල් අමීන් පැවසීය.

Khair Darbar: Al Quoz හි අවන්හල නිල් කරපටි සේවකයින්ට හෝ එය ඉල්ලා සිටින ඕනෑම කෙනෙකුට නොමිලේ ආහාර වේලක් පිරිනමයි.

Pak Khair Darbar: Deira Dubai හි පිහිටා ඇති Pak Khair Darbar පකිස්ථානු සහ ඉන්දියානු ප්‍රණීත ආහාර පිරිනමයි. ආහාර ඉල්ලා සිටින මිනිසුන්ට නොමිලේ ආහාර ලබා දෙයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා UAE විසින් සිරියාවට නවීනතම ගිලන්රථ 10ක් පිරිනමයි
Next Article කලින් කල ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් PIN වෙනස් කරන්​න : UAE පොලිසිය
Stanly Kularathna

Related Posts

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.