Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම බලපත්‍රය ලෙස ශ්‍රේණිගත කර ඇත
Rank

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම බලපත්‍රය ලෙස ශ්‍රේණිගත කර ඇත

Stanly KularathnaBy Stanly KularathnaMarch 3, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමිරාති ලේඛනය ලකුණු 110.50ක් සමඟින්, Nomad Capitalist විසින් පළමු වරට හොඳම 10 ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, පසුගිය වසරේ 35 ස්ථානයේ සිට අංක එකේ ස්ථානයට පැමිණ තිබෙනවා.

“මෙය බොහෝ දුරට හේතු වී ඇත්තේ විදේශිකයන්ට ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ඉඩ සලසන මෑත කාලීන වෙනස්කම් නිසා ය … එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රයක් මගින් ලබා දෙන සංචාරක නිදහස සහ රටේ ව්‍යාපාරික හිතකාමී පරිසරය සහ අපේක්ෂා කළ හැකි බදු ක්‍රමය, 2023 සඳහා අපගේ ලැයිස්තුවේ ඉහළින් තබා ඇත” බදු සහ ආගමන උපදේශනය පැවසීය.

එහි වෙබ් අඩවියට අනුව, Nomad Capitalist විදේශ ගමන් බලපත්‍ර දර්ශකය නිර්මාණය කර ඇත්තේ ලෝකයේ හොඳම පුරවැසිභාවය ඉස්මතු කිරීම සඳහා ය. “අපගේ ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ වීසා රහිත සංචාරයේ පදනම මත පමණක් නොව, ජාත්‍යන්තර බදු නීති, ගෝලීය අවභෝධ​ය, ද්විත්ව පුරවැසිභාවය සහ පුද්ගලික නිදහස මතයි” සමාගම පවසයි.

විදේශ ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම සාධක පහක් මත පදනම්ව තක්සේරු කරනු ලබන අතර, එක් එක් සාධකයට වෙනස් ලකුණු ලබා දෙනු ලැබේ.

එම සාධක වන්නේ:

1. වීසා රහිත ගමන්

2. පුරවැසියන්ගෙන් බදු අය කිරීම

3. ගෝලීය අවභෝධ​ය

4. ද්විත්ව පුරවැසිභාවය ලබා දීම

5. පුද්ගලික නිදහස

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සංචාරක ප්‍රවේශයට 50 %ක ලකුණු ලබා දී ඇත. වාර්තාව මෙසේ පැවසීය: “අපි සංචාරක ප්‍රවේශය ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රසිද්ධියේ ලබා ගත හැකි විදේශ ගමන් බලපත්‍ර දත්ත සහ ප්‍රවෘත්ති මූලාශ්‍ර මත විශ්වාසය තැබුවෙමු. අපි Visa-free, Visa On Arrival සහ eTA රටවල් සාරාංශ කිරීමෙන් සංචාරක ලකුණු ගණනය කරමු. එම දත්ත මත පදනම්ව, අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරක ලකුණු 181ක් ලබා දුන්නෙමු. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල් (visa-free countries) 116ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර දරන්නන්ට පැමිණීමේදී වීසා බලපත්‍රයක් ලබා ගැනීමෙන්  ඇතුළු වීමට අවසර දෙන රටවල් (visa-on-arrival countries) 58ක් ඇති බැවින්, සහ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය (eTA) ගමනාන්ත 7ක් ලෙස සැලකිල්ලට ගැනීමෙනි.

බදු ලකුණු සඳහා, බදු වෙළෙන්දන්, ප්‍රවෘත්ති මූලාශ්‍ර සහ බදු අධිකාරීන්ගෙන් දත්ත රැස් කරන ලදී. “අපි කොතැනක ජීවත් වුවත් පුරවැසියන්ගෙන් බදු අය කරන රටවලට අපි අඩුම ලකුණු 10 ක් පවරමු, පුරවැසියන්ට බදු මඟ හැරීම සඳහා වෙනත් ස්ථානයකට යාමට ඉඩ දෙන රටවලට ලකුණු 20 ක් හෝ 30 ක්, නේවාසික පුරවැසියන්ගේ විදේශ ආදායම් සඳහා බදු නොගන්නා රටවල් සඳහා 40 ක්, සහ බදු ශුන්‍ය රටවලට 50 වශයෙනි. එම දත්ත මත පදනම්ව, අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු ලකුණු 50ක් පවරනු ලැබුවා, එයින් අදහස් කරන්නේ රටේ බදු ශුන්‍ය බවයි.

ගෝලීය අවභෝධ​ය මත ලකුණු ලබා ගැනීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මුළු ලකුණු වලින් 10 % ක් ලබා දී ඇත, ඒ ලෝක සතුටු වාර්තාව, මානව සංවර්ධන දර්ශකය සහ “එක් එක් රටක පුරවැසියන් පිළිගන්නා ආකාරය සහ පිළිගැනීමට ලක්වන ආකාරය තීරණය කිරීම සඳහා අපගේ ජාලවල අත්දැකීම් වලින් විෂයානුබද්ධ සාධක සැලකිල්ලට ගනිමිනුයි” වාර්තාව සඳහන් කොට තිබෙනවා.

වාර්තාව තානාපති කාර්යාල දත්ත මත විශ්වාසය තබා ද්විත්ව පුරවැසි තත්ත්වය ගණනය කර ඇත. ඒ දැඩි ලෙස තහනම් සඳහා ලකුණු 10 සිට නිදහසේ අවසර දී ඇති සඳහා ලකුණු 50 දක්වා ද්විත්ව පුරවැසිභාවය දැරීමට ඇති හැකියාව මතයි. පුරවැසියන්ට වෙනත් පුරවැසිභාවය දැරීමට දැඩි ලෙස තහනම් කර ඇති රටවලට ලකුණු 10 සහ 20ක් ද, පුරවැසියන්ට වෙනත් පුරවැසිභාවයන් දැරීමට බොහෝ විට අවසර දී ඇති නමුත් යම් සීමාවන් ඇති රටවලට ලකුණු 30 සහ 40ක් ද ලබා දෙ​න ලද අත​ර 50 පුරවැසියන්ට සෑම විටම පාහේ වෙනත් පුරවැසිභාවයන් දැරීමට අවසර දී ඇති රටවලට​ය. “එම දත්ත මත පදනම්ව, අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද්විත්ව පුරවැසි ලකුණු 30ක් ලබා දුන්නා. එයින් අදහස් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ට බොහෝ විට වෙනත් පුරවැසිභාවයන් දැරීමට අවසර ඇති නමුත් යම් සීමාවන් සමඟයි.

Nomad Capitalist හි සම්පූර්ණ ලකුණු සහිත බලවත් ගමන් බලපත්‍ර ලැයිස්තුව:

1. UAE – 111

2. ලක්සම්බර්ග් – 108

3. ස්විට්සර්ලන්තය – 108

4. අයර්ලන්තය – 108

5. පෘතුගාලය – 108

6. ජර්මනිය – 107

7. චෙක් ජනරජය – 107

8. නවසීලන්තය – 107

9. ස්වීඩනය – 106

10. ෆින්ලන්තය – 106

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා පොලිසිය රථවාහන දඩ සඳහා 50% ක වට්ටමක් ප්‍රකාශයට පත් කරයි
Next Article 2022 දී flydubai හි ලාභය ඩිරාම් බිලියන 1.2 කින් වැඩි වෙයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.