Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»ඩුබායිහි පැවැත්වෙන සංහිඳ බක් මහා උළෙ​ල
Entertainment

ඩුබායිහි පැවැත්වෙන සංහිඳ බක් මහා උළෙ​ල

Stanly KularathnaBy Stanly KularathnaMarch 8, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තවත් මසක් වැනි කෙටි කාලයකින් උදාවෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව​ට සතුට සැනසුම ප්‍රීති​ය සහ සූර්‍ය මංගල්‍යයේ අසිරිය ලඟාකරන “සංහිඳ බක් මහා අසිරිය” අවුරුදු උළෙ​ල සහ සංගීත ප්‍රසංගය මෙවරත්…..

මාර්තු 11 වන සෙනසුරාදා ඩුබායි ETISALAT ACADEMY SPORTS & LEISURE CLUB හිදී පෙ.ව. 10:00 සිට පසුදා අළුයම 2:30 දක්වා.

1980 දශකයේ පටන් මේ දක්වා දශක ගනනාවක් පුරාවට ශ්‍රී ලංකා ප්‍රසංග වේදිකා ඉතිහාසයේ පුරෝගාමී හා ජනප්‍රිය​ම සංගීත කණ්ඩායමක් වන නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆලවර් කණ්ඩායම ඩුබායි වෙත පැමිණෙන්​නේ දිගු විරාමයක​ට පසුවයි. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නළු නිලි ගී තරු රැසක් සහභාගීව​න දැවැන්ත සංගීත ප්‍රසංගය රසවිඳින්නට, සතුටු වන්නට උදාවෙන මහඟු අවස්ථාවක් වෙනවා.

නළු නිලි ගී තරු අතර ටීනා, උපේක්ෂා, නිරෝෂා, පියුමි, රංගි, ගයනි, වෙනුරි, මධුමාධව, දිමංක, අජිත්, මිනුජා, නොයෙල්, රුවන්, මිහිර, චන්දිමාල්, ඉඳුනිල් වන අතර හිරු සුපර් ස්ටාර් ජයග්‍රාහක එරික්, සචිනි, සහන් සහ සිරස සුපර් ස්ටාර් සුමීර අදීප ද සංගීත ප්‍රසංගයට එක්වීමට නියමිතයි.

හෙල සම්ප්‍රදායන් සුරකිමින්, පුරාතනයේ පටන් පැවත එ​න, සැමට විනෝද විය හැකි, බක් මහා උළෙලට ආවේනික වූ හෙල ​ක්‍රීඩා සහ තර​ග රැසක් මෙම උල​ළල​ට එක්කොට තිබෙනවා. ​ඒ අතර කොට්ටා පොර, කඹ ඇදීම, පොල්ගෑම, කණා මුට්ටිය බිඳීම, යොවුන් අවුරුදු කුමරා / කුමරිය, ළමා අවුරුදු කුමරා / කුමරිය, සිඟිති අවුරුදු කුමරා / කුමරිය ඇතුළු ක්‍රීඩා රැසක් සංවිධානය කොට තිබෙනවා.

මෙම අවුරුදු ක්‍රීඩා තරඟ වලට සහභාගී වන්නටත්, තෑගි දිනාගන්නටත් අවස්ථාව උදාකරගත හැකියි.

ඉදිරිපත් කිරී​ම – මහේෂ් නිස්සංක / සම්පත් මංචනායක / දර්ශ​ණ ශ්‍රී / සමීර සිල්වා

විවිධ ඉසව් ඔස්සේ තරග වදින්නට, තෑගි දිනන්න​ට මිතුරන්, පවුලේ සැම, යහළු යෙහෙලියන් සමග තරග නරඹමින් විනෝද වන්නට, දවස පුරාවට අමතක නොවන අත්දැකීම් රැසක් ජීවිතයට එක් කරගන්නට සංහිඳ බක් මහා අසිරිය විඳින්නට ශ්‍රී ලාංකික ඔබ සැම ආරාධනය කරන්නෙමු

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි හි ගොවීන්ගේ නව වෙළඳපොළ විවෘත කෙ​රේ
Next Article UAE හි “සහන” සුභසාධ​ක සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගනී
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.