මීට දශකයකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ සුභ සාධන කටයුතු ඉටුකර ගැන්මට ආයතනයක් නොමැතිකම නිසා එවැන්නක දැඩි අවශ්‍යතාව ඉටුකරලීම පිණිස සහන සුභසාධක සංගමය 2012 වසරේදී ආරම්භ කරන ලදි.
2015 වසරේ සිට නිත්‍යානුකූලව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ලෙස සහන සුභසාධක සංගමය එහි වැඩ කටයුතු දියත් කරනු ලැබුවා.
එහි ආරම්භයේ සිට මේ දක්වා සමාජසේවා සහ සුභසාධක කටයුතු ඔස්සේ අසරණවූ ශ්‍රී ලාංකිකයින් 16,000කට අධික පිරිසකට උපකාර කිරීමටත්, ඩිරාම් මිලියන 1.5කට වඩා අසරණවූ ලාංකික ජනතාව වෙනුවෙන් වැය කොට තිබෙනවා.
සහන සුභසාධක සංගමයේ 2023 මහ සභා රැස්වීම HOLIDAY INN EXPRESS DUBAI AIRPORT හෝටලයේදී ඊයේ පැවැත්වූවා.
මෙම වාර්ශික මහ සභාරැස්වීමේදී 2022 වසර සඳහා මූල්‍ය වාර්ථාව භාණ්ඩාගාරික ජනක රත්මලේ මහතා විසින් ඉදිරිපත් කල අතර එය සභාව විසින් සම්මත කිරීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුවූවා. එහිදී
නව සභාපති ලෙස බුලත්සිංහලගේ ශානක ඉශාන්ත පෙරේරා මහතා ත්
උප සභාපති ලෙස සිති සබීනා පකීර් අලි මහත්මිය ත්
ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.කේ. ෂෙහාරා ගයත්‍රි කොන්සෙලා ප්‍රනාන්දු මහත්මිය ත්
භාණ්ඩාගාරික ලෙස මොහොමඩ් මුස්තාක් මොහොමඩ් ෆාරුක් මහතා ත්
අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හිද්දදුර වින්සන්ට් ගීතාල් මෙන්ඩිස් අබේනායක මහතා, ගාල්ලගේ ලලිත් චන්ද්‍ර සිල්වා මහතා, එමරාති ජාතික Mouza Rashed Humaid Saif Alari මහත්මිය, එමරාති ජාතික අලි අහමඩ් මොහොමඩ් අබ්දුල්රහීම් නිතරගයෙන් පත්කරගන්නා ලදි.
මෙම වාර්ශික මහ සභාරැස්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගරු ශ්‍රී ලංකා තානාපතිතුමා සහ ඩුබායිහි කොන්සල් ජෙනරාල් තුමාද සහභාගී වූවා.
එහිදී මහ සභාරැස්වීම ඇමතූ ගරු ශ්‍රී ලංකා තානාපතිතුමන් හා කොන්සල් ජෙනරාල් තුමන් පත්වූ නව නිලධාරී මණ්ඩලයට ඔවුන්ගේ සුභපැතුම් එක් කල අතර සහන සුභසාධක සංගමය මගින් ඉටුකරනු ලබන සමාජ සුභසාධන කටයුතු ඇගයීමට ලක් කලා. සහන සුභසාධක සංගමය මගින් ඉදිරියේදී ඉටුකිරීමට බලාපොරොත්තුවන සෑම කටයුත්තක දීම ඔවුන් දෙපලගේ ආශිර්වාදය හා ශක්තිය නොපිරිහෙලා ලබාදෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කලා.