Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»විදේශ සේවා විමර්ශන නිළධාරීන් රුපියල් ලක්ෂ 126ක් අයකර ගනියි
Foreign Employment

විදේශ සේවා විමර්ශන නිළධාරීන් රුපියල් ලක්ෂ 126ක් අයකර ගනියි

Stanly KularathnaBy Stanly KularathnaMarch 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතු වල නිරතවීමේ චෝදනාව මත ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වැරදි කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබා දී ඇත. විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිළි පදනම්කර ගෙන 2023 ජනවාරි මාසය තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙක් ද, පෙබරවාරී මාසයේදී පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

තවද ජනවාරි මාසය තුළ විමර්ශන අංශයට ලැබුනු පැමිණිළි අතරින් පැමිණිළි 53ක් විභාග කිරීම අවසන්කර රුපියල් 3,627,500 ක මුදලක් ද පෙබරවාරි මාසය තුළ පැමිණිළි 120ක් විභාග කර අවසන් කර රුපියල් 9,010,000 ක මුදලක්ද පැමිණිළිකරුවන් වෙත අයකර දීමට කටයුතු කර ඇත.

ඒ අනුව 2023 වසරේ මුල් මාස දෙක තුළදී පමණක් පැමිණිළි වීභාගකර පැමිණිළිකරුවන් වෙත අයකර දී ඇති මුදල රුපියල් 12,637,500 කි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නීතිවිරෝධී කටයුතු වැලැක්වීම සඳහා තරාතිරම නොබලා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කාර්යාංශ නිළධාරීන්ට තදින් උපදෙස් ලබා දී ඇත. විදේශ රැකියා ලබා ගැනිම සඳහා නීති විරෝධි ආයතන වලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා නොදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එලෙස මුදල් ලබා දී ඇති පුද්ගලයින් සිටි නම් කාර්යාංශයේ විමර්ශන අංශයේ අංක 01l2864241 දරණ දුරකථනයට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි “සහන” සුභසාධ​ක සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගනී
Next Article ඩී. එස්. හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්​ගේ මහා ක්‍රිකට් ගැටු​ම “Battle of the Golds” මාර්තු මස 11 වෙනිදා
Stanly Kularathna

Related Posts

කොරියාවේ ධීවර රැකියා වලට දැන් ලාංකික කාන්තාවන්ටත් අවස්ථාව

August 27, 2024

ඊශ්‍රායල් යන්න ඉන්න ලාංකිකයන්ට එරටින් පණිවිඩයක්

August 27, 2024

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා එකවර 211 දෙනෙකු පිටත්ව යයි

December 30, 2023
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.