Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය දින 30ක අඛණ්ඩ සහයෝගය සිරියාවට ලබා දෙයි
Humanitarian Aid

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය දින 30ක අඛණ්ඩ සහයෝගය සිරියාවට ලබා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 13, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය මාසයේ සිරියාවට බලපෑ භූමිකම්පාව හේතුවෙන්, අවතැන් වූ සිරියානු ජනතාවටත්, තුවාල ලැබූවන් සහ ගොඩනැගිලි විනාශයට පත්වූවන්​ට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය, ‘Operation Gallant Knight/2’ නොනවත්වා දි​න 30 ක් ආධාර ලබා දීම සිදුකොට තිබෙනවා.

මෙය රාජ්‍යයක් විසින් සපයන ලද වඩාත්ම වැදගත් ආධාර ක්‍රමයක් වන අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් රැගත් ටොන් 4,925 ක් බර සැපයුම් ගුවන් වා​ර 151 ක් සිරියාව වෙත ලබා දී තිබෙනවා.

භූමිකම්පාවෙන් ඉක්බිතිව, කඩා වැටුණු ව්‍යුහයන්ගේ සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සෙවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් එහි යවා ඇත. පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් “Gallant Knight 2” මෙහෙයුම් සඳහා භාවිතා කරන ලද සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ උපකරණ සිරියානු සිවිල් ආරක්ෂක අංශයට ලබා දෙන ලදි. අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට සිරියානු සිවිල් ආරක්ෂක කණ්ඩායම් සූදානම් කිරීම සඳහා දැඩි පුහුණු පාඨමාලා ද සංවිධානය කරන ලදී.

විපතට පත් වූවන්ට ආහාර සැපයීම, ඔවුන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරාලීම, රෝහල්වලට ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සඳහා සහාය වීම මෙන්ම භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා තාවකාලික රැකවරණයන් ලෙස කූඩාරම් 50කින් සමන්විත කඳවුරක් ​ද පිහිටුවීම සඳහා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිරියාවට නවීන තාක්ෂණයෙන් යුත් ගිලන්රථ 10 ක් ලබා දීමත් මෙයට ඇතුලත් වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිතිපතා ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඖෂධ සැපයීම, සෞඛ්‍ය සේවා අංශයේ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ප්‍රකෘතිමත් වීමේ සහ පුනරුත්ථාපන අවධියේදී සිරියාවේ සහෝදර ජනතාවට සහාය වීම සඳහා අවශ්‍ය ඖෂධ සැපයුම් ලබාදීම දිගටම කරගෙන යනු ලබනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2022 දී පොලිස් විමර්ෂ​ණ 3,200ක අපරාධකරුවන් සොයා ගැනීමට ජෛවමිතික උපකාර වූ ආකාරය
Next Article විනාඩි 104 සිට විනාඩි 16 දක්වා ගමන් කාලය අඩු කරන Al-Shindagha කොරිඩෝ ව්‍යාපෘති​ය
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.