Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»2022 දී පොලිස් විමර්ෂ​ණ 3,200ක අපරාධකරුවන් සොයා ගැනීමට ජෛවමිතික උපකාර වූ ආකාරය
Dubai Police

2022 දී පොලිස් විමර්ෂ​ණ 3,200ක අපරාධකරුවන් සොයා ගැනීමට ජෛවමිතික උපකාර වූ ආකාරය

Stanly KularathnaBy Stanly KularathnaMarch 13, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2022 දී ඩුබායි පොලිසියට විමර්ෂ​ණ 3,200ක් විසඳීම සඳහා භෞතික හා දෘශ්‍ය සාක්ෂිවල අධිකරණ වෛද්‍ය සහ ජෛවමිතික (biometrics) පරීක්‍ෂා කිරීම් උපකාරී වී තිබෙනවා. ඩුබායි පොලිසියේ දෘශ්‍ය සාක්ෂි විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ කපිතාන් මොහොමඩ් ෂාෆියා පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ කාර්යය තවදුරටත් අපරාධවූ ස්ථානවල සාක්ෂි විශ්ලේෂණය කිරීම, අපරාධකරුවන් සෙවීමට සහ අත්අඩංගුවට ගැනීම සඳහා පමණක් සීමා නොවන බවයි.

“අද, ක්‍රියාකාරීත්වය තුලින් අනාගත අභියෝග ජයගැන්මටත්, නැගී එන අපරාධ ක්‍රමවලට එරෙහිව විසඳුම්, භාවිතයන් සහ ශිල්පීය ක්‍රම වැඩි දියුණු කිරීම එකට බැඳුනු ක්‍රියාවන් බවට පත්ව තිබෙනවා. එබැවින්, ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරිගේ උපදෙස් පරිදි, විත්තිකරුගේ අනන්‍යතාවය හෙළිකරගැනීම සඳහා අපි දෘශ්‍ය අධිකරණ වෛද්‍ය සාක්ෂි ලෙස භාවිතා කළ මුහුණු සලකුණු හඳුනාගැනීම වෙනුව​ට ජෛවමිතික භාවිතා කිරීමට පටන් ගත්තෙමු.” ඔහු පැවසුවා.

අධිකරණ වෛද්‍ය ජෛවමිතික, කෘතිම බුද්ධිය (AI) සමඟ ඒකාබද්ධ වේ

COVID-19 වසංගත සමයේදී මුහුණු ආවරණ පැළඳ සිටින අපරාධකරුවන් හඳුනා ගැනීමේදී මුහුණු සලකුණු හඳුනාගැනීම අත්හැ​ර අභියෝග ජය ගැනීම සඳහා ඩුබායි පොලිසියේ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් අධිකරණ වෛද්‍ය ජෛවමිතික සාර්ථකව යොදාගෙන ඇති බව කපිතාන් ෂාෆියා පැවසීය.

“අප සතුව ඇති කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති සමඟ ඒකාබද්ධ වූ විට, අධිකරණ වෛද්‍ය ජෛවමිතික ඒවායේ කාර්යක්ෂමතාවය ඔප්පු කර ඇති අතර සැකකරුවන් සම්භන්ධ සාක්ෂි සොයා ගැනීමේදී බොහෝ අවස්ථාවල විශේෂඥයින්ට සහාය වී ඇත.”

එක් සිද්ධියකදී එකම පුද්ගලයෙකුට ක්‍රෙඩිට් කාඩ් සොරකම් කිරීමේ සිද්ධීන් 26 ක් ඇති බව පොලිසිය සොයාගත්තේය. සැකකරු ඔහුගේ වින්දිතයන්ගේ ගිණුම් වලින් ඩිරාම් 500,000 ක් ලබාගෙන ඇත. සොරකම සිදුකරන අවස්ථාවේ සැකකරු මුහුණු ආවරණයක්, අත්වැසුම් සහ ඇස් කණ්නාඩි පැළඳ සිට ඇත. ඔහු හඳුනාගැනීම පොලිසියට අපහසු විය. ATM යන්ත්‍රයේ සවිකර තිබූ කැමරාවලින් ලබාගත් ඡායාරූපවලින් ඔහුගේ අතේ පච්ච කොටා ඇති බව අනාවරණය විය. සංචාර​ක වීසා මත රුසියාවේ සිට මෙරටට පැමිණි සැකකරු කන් මුද්‍රණයෙන් (ear print) හඳුනාගෙන වාර්තාගත වේලාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජෛවමිතික උමග (Biometric tunnel)

ඩුබායි පොලිසිය සැකකරුවන්ගේ ශරීර චලනයන් නිරීක්ෂණය සහ තක්සේරු කිරීම සඳහා කැමරා 25 කට වඩා වැඩි මීටර් 20 ක් දිග උමං මාර්ගයක් භාවිතා කිරීමට අදහස් කරයි. මෙම වසරේ හඳුන්වා දෙන මෙම නව උපාංගය මහා පරිමාණ ජෛවමිතික හඳුනාගැනීමේ හැකියාව ඇති ඉතා දියුණු පද්ධතියකි.

සැකකරුවන් උමගක් හරහා ගමන් කරන විට, සියලුම ජෛවමිතික එකතු කර එමගින් විමර්ෂ​න වාර්තා සකස් කරනු ලැබේ.

ඩුබායි පොලිසි​ය, බහු-ආකෘති අධිකරණ වෛද්‍ය ජෛවමිතික තාක්‍ෂණය, විශේෂයෙන් පුද්ගලයෙකුගේ චලන රටාව ආවරණය කරන අධිකරණ වෛද්‍ය ඇවිදීමේ විශ්ලේෂණය නවීකරණය කිරීම සඳහා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන්ගේ IACP සම්මානය දිනා ගෙන ඇත.

දෘශ්‍ය සාක්ෂි විශ්ලේෂණය

අධිකරණ වෛද්‍ය විද්‍යුත් සාක්‍ෂි දෙපාර්තමේන්තුවේ වීඩියෝ සහ රූප සාක්ෂි විභාග අංශයේ ප්‍රධානී ලුතිනන් කර්නල් ආචාර්ය හමාඩ් මන්සූර් අල් අවාර් පැවසුවේ ඔවුන්ගේ මූලික රාජකාරිය උපාංගවලින් විද්‍යුත් සාක්ෂි ලබා ගැනීමයි. එහිදී දෘශ්‍ය සාක්ෂි සහ සහ සැකකරුවන්ගේ අධිකරණ වෛද්‍ය ජෛවමිතික අතර විශ්ලේෂණාත්මක සැසඳීම් සිදු කරයි.

“අපි නිශ්චිත මිනුම් අනුව මුහුණු සලකුණු විශ්ලේෂණය කරන තාක්‍ෂණයක් මත විශ්වාසය තැබුවෙමු. කෙසේ වෙතත්, අපරාධවූ ස්ථානවලින් ඇඟිලි සලකුණු හෝ DNA හෝඩුවාවන් නොමැති විට, අපරාධකරුවන් ඔවුන්ගේ මුහුණු සඟවාගෙන, මුහුණු ආවරණ පැළඳ සිටින විට හෝ නිරීක්ෂණ කැමරාවෙන් බොහෝ දුරින් සිටින විට හෝ අපරාධ ස්ථානය දුර්වල ආලෝකකරණයක් ඇති විට මෙම තාක්ෂණය ශක්තිමත් සාක්ෂි සැපයීමට අපොහොසත් වනු ඇත”

ඔවුන් බහුවිධ අධිකරණ වෛද්‍ය ජෛවමිතික ලෙස සැලකෙන ඇඟිලි සලකුණු, මුහුණු සලකුණු, ඇවිදීමේ රටා, කන් මුද්‍රණ (ear print) ඇතුළුව අත් සලකුණු සහ ශරීර මිනුම් වැනි දෘශ්‍ය ද්‍රව්‍ය විශ්ලේෂණය කරමින්වි මර්ශකයන්ට උපකාර කිරීමට සහ අවසානයේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ යහපතට සේවය සලසන බ​ව ආචාර්ය ලුතිනන් කර්නල් ආචාර්ය අල් අවාර් පැවසීය

“ස්ත්‍රියකගේ අබායා ඇඳුමින් (කාන්තාවන් විසින් අඳිනු ලබන සම්පූර්ණ දිග පිටත ඇඳුම) සහ නිකාබ් (මුහුණු වැස්ම) එකකින් සැරසුණු මිනිසෙක් මහල් නිවාසයක් කඩා ඩිරාම් මිලියන 12ක් සොරකම් කළේය. එහිදී අධිකරණ වෛද්‍ය ඇවිදීමේ සහ ශරීර මිනුම් විශ්ලේෂණයක් භාවිතා කරමින් වරදකරු සොයාගැන්ම​ට උපකාරී විය.”

“අපරාධ ස්ථාන​යේ CCTV දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු, අපගේ විශේෂඥයින් විසින් පටිගත කරන ලද භෞතික මිනුම් සහ ඇවිදීමේ රටා සැකකරුගේ ඒවාට සමාන බව සොයා ගන්නා ලදී” ඔහු පැවසීය.

තවත් අවස්ථාවකදී, සැකකරුගේ මුහුණේ ලක්ෂණ වසන් කිරීමට උත්සාහ කළත් ඔහුගේ අත් සලකුණ, ඇවිදීමේ රටා, භෞතික මිනුම් සහ කන් මුද්‍රණය (ear print) අපරාධ ස්ථානයෙන් ලබාගත් CCTV දෘශ්‍ය සාක්ෂිවලට ගැලපීමෙන් සැකකරු වරදකරු කිරීමට සමත් වූ බවයි ලුතිනන් කර් නල් වෛද්‍ය අල් අවාර් කියා සිටියා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleGDRFA විසින් වීඩියෝ ඇමතුම් සේවාව හරහා ඩුබායි වීසා ගනුදෙනු 250,000 ක් සම්පූර්ණ කරයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය දින 30ක අඛණ්ඩ සහයෝගය සිරියාවට ලබා දෙයි
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.