ඩුබායි සහ උතුරු එමිරේට්ස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කල ගරු නලින්ද විජේරත්න මහතා සිය නිල කාලය අවසන් කොට හෙට දිනයේදී ශ්‍රී ලංකාව වෙත පිටත්ව යෑමට නියමිතයි.
මුළු ලොවටම අභියෝගයක් වූ කොවිඩ් 19 වසංගත කාල සීමාව තුල සංචරණ සීමා, රැකියා අහිමිවීම්, වසංගතයට ගොදුරුවීම් වැනි කරුණු මත ඩුබායි හි අසරණව සිටි ශ්‍රී ලාංකික ජනතාව වෙත කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සේවකයන් හා එක්ව සහන සලසන්නට දැඩි කැපවීමකින් එතුමා කටයුතු කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩා විඳි ආර්ථික අර්භූධ සමයේ 75වන නිදහස් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ඩුබායිහිදී සමරන්නට මුල්තැන ගෙන කටයුතු කල එතුමා ඉන් උපයාගත් අරමුදල් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුභසාධනයට යොමු කරන්නට කටයුතු කරණු ලැබුවා.
අභියෝගාත්මක කාල සීමාවක නිර්භීතව නායකත්වය දෙමින් තම මව් රට වෙනුවෙන් සේවය කල ගරු නලින්ද විජේරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර මහත් ජනාදරයට පත්වූ පුද්ගලයෙකි. සිය නිල කාලය තුල ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකොට නැවතත් මව්රට බලා පිටත්ව යන එතුමන්ගේ අනාගත වැඩකටයුතු සාර්ථක වන්නටත් තම මව්රට වෙනුවෙන් තවත් දීර්ඝ කාලයක් සේවය කරන්නටත් ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අප ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.