Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Social Media»එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ බහරේනය සමාජ මාධ්‍ය භාවිතයේ ලොව ඉදිරියෙන්ම සිටී: යුනෙස්කෝ
Social Media

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ බහරේනය සමාජ මාධ්‍ය භාවිතයේ ලොව ඉදිරියෙන්ම සිටී: යුනෙස්කෝ

Stanly KularathnaBy Stanly KularathnaApril 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ බහරේනය සමාජ මාධ්‍ය භාවිතය සඳහා ප්‍රමුඛතම රටවල් අතර සිටින බව යුනෙස්කෝ වාර්තාවක දැක්වේ.

මැද පෙරදිග සන්නිවේදනය සහ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය නව අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. මෙම නවතම අධ්‍යයනයෙන් හෙළි වන්නේ සමාජ මාධ්‍ය භාවිතය මැදපෙරදිග පුරා ව්‍යාප්ත වී ඇති අතර බහු වේදිකා යොදා ගැනීම සහ භාවිතය සඳහා MENA කලාපය ප්‍රමුඛ වන බවයි.

UAE සමාජ මාධ්‍ය භාවිතය

මෙම අධ්‍යයනයෙන් කියැවෙන්නේ සමාජ ජාල භාවිතය​ට ගැනීම සම්භන්ධයෙන් MENA කලාපයේ රටවල් පහක් හොඳම 10 අතර දැකිය හැකි බවයි. සොයාගැනීම්වලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කටාර් යන රටවල් ලෝකයේ සමාජ ජාල භාවිතය​ට ගැනීමේ ඉහළම මට්ට​මේ ඇත.

එම වාර්තාවට අනුව මැදපෙරදිග සහ අප්‍රිකාවේ ජනතාව දිනකට පැය තුනකට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍ය තුළ ගත කරති.

යුනෙස්කෝ අධ්‍යයනයෙන් සමාජ මාධ්‍ය ජාලයන් පිළිබ​ඳ සොයාගැනීම් ලෙස හෙළි වූයේ:

  • YouTube වැඩියෙන්ම පරිශීලණය කරණ රටවල් 5ම අයත්වන්​නේ MENA කලාපයට​ය. ලෙබනනය ඉදිරියෙන් සිටින අතර පිලිවෙලින් බහරේනය, ඕමානය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිටී.
  • TikTok භාවිත​යද එලෙ​සමය. TikTok යෙදුම භාවිත​ය ඉහළම මැදපෙරදිග රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කුවේට්, කටාර් සහ ඉරාකයයි. MENA රටවල් නවයක් ඉහළම 20 අතර ​වේ.
  • Snapchat වැඩියෙන්ම භාවිත කරන ලෝකයේ රටවල් 16න් නවයක්, ගෝලීය වශයෙන් ඉහළම වෙලඳපොලවල් 20න් පහක් (සම්පූර්ණ ප්‍රේක්ෂක ප්‍රමාණය අනුව) MENA කලාප​යට අයත්​වේ. බහරේනය ලෝකයේ ඕනෑම ජාතික වෙළඳපලක ඉහළම ප්‍රවේශය 79.8% ඇත.
  • වයස අවුරුදු 13 සහ ඊට වැඩි අයගෙන් 96.1%ක් සමාජ ජාලය භාවිතා කරන ලිබියාවට ගෝලීය වශයෙන් ෆේස්බුක් සඳහා විශාලතම ප්‍රවේශය ඇත. ලොව පුරා, ලිබියාව Facebook Messenger භාවිතයේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර, වයස අවුරුදු 13 සහ ඊට වැඩි අයගෙන් හතරෙන් තුනක් (75%) යෙදුම භාවිතා කරයි.
  • MENA ජාතීන් හතරක් Instagram හි ප්‍රවේශය සඳහා ඉහළම 20 තුළ සොයා ගත හැකි අතර, තුර්කිය දැන් Instagram සඳහා පස්වන විශාලතම වෙළඳපොළ වන අතර, ගෝලීය වශයෙන්, මිලියන 49 කට ආසන්න පරිශීලකයින් සිටී.
  • MENA හි රටවල් තුනක් Twitter සඳහා ඉහළම වෙලඳපොලවල් 20 තුළ සොයාගත හැකි අතර වෙළඳපල කොටස අනුව බලන විට, කලාපයට ඉහළම ස්ථාන පහක් ඇත.

ඔරිගන් විශ්ව විද්‍යාලය යුනෙස්කෝව සමඟ එක්ව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබලශක්ති හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පර්යේෂණ සහ නවෝත්පාදන සම්මානයෙන් DEWA ප්‍රථම ස්ථානය දිනාගනී
Next Article මාස තුනක් ඇතුළත බස්වලට, දුම්රියට QR එයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.