2023 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 316,619ක බදු ආදායමක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල් මිලියන 146,565කි. ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වැඩිවීමකි.
රජයේ නව බදු ප්රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්රියාකාරීත්වය ක්රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදිය මෙම බදු ආදායම ඉහළයාමට හේතුවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.