Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Finance»ඉන්දීය රුපියලෙන් ලංකා​වේ බැංකු පහක් දැනටම වැඩ
Finance

ඉන්දීය රුපියලෙන් ලංකා​වේ බැංකු පහක් දැනටම වැඩ

Stanly KularathnaBy Stanly KularathnaApril 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

“ඉන්දීය මුදල් ඒකකය” ශ්‍රී ලංකාව තු​ල නම් කරන ලද මුදල් වර්ගයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගෙන ඇති බවත් නුදුරේදීම ලංකාව තුළ ඉන්දීය මුදල් ඒකකය භාවිත කිරීමට අවස්ථාව උදාවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.

වාණිජ බැංකු පහක් මේ වන විට ඉන්දීය රුපියල්වලින් ගිණුම් ආරම්භ කර ඇති බව ද හෙතෙම කීය.

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි “හින්දුස්තාන් ටයිම්ස්” පුවත්පත සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය මාර්තු 5 වන දා පවසා තිබේ.

ඉන්දියානුවන්ට මේ අනුව ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවේ ඍජුව ම භාවිත කළ හැකි වන අතර එමගින් ශ්‍රී ලාංකිකයන්ට වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව කටයුතු කළ හැකි බව ද විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කර තිබිණි.

මේ අනුව ඉන්දියානු රුපියල මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට ද භාවිත කිරීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පසුගිය 25 වන දා ඉන්දියානු වාණිජ හා කර් මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු රුපියල “නම් කරන ලද මුදල් ඒකකයක්” බවට පත් කිරීමෙන් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණය පමණක් නොව, ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ද එම මුදල් ඒකකය භාවිත කළ හැකිවන බව ද ඔහු සඳහන් කර තිබේ.

“ඉන්දීය රුපියල” ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබුවේ 2022 අගෝස්තු මාසයේදී ය.

විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉන්දීය රුපියලට අමතරව, ඔස්ට්‍රේලියානු ඩොලරය, නෝර්වේජියානු ක්රෝනර්, කැනේඩියානු ඩොලරය, ස්ටර්ලින් පවුම්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක් ක්‍රෝන්, ස්වීඩන් ක්‍රෝනා, යුරෝ, ස්විස් ප්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස පිළිගෙන ඇත.

එසේ ම, ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ ඉල්ලීමට 2022 දෙසැම්බර් මාසයේදී අනුමැතිය ලබා දී තිබේ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා පිලට ඉනිමක ජයක්
Next Article ඩුබායි මූල්‍ය වෙළෙඳපොළ 2023 පළමු කාර්තු​ව සඳහා ශුද්ධ ලාභ​ය 30% ක වැඩිවීමක් වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.