සම්බුදු තෙමගුල වෙනුවෙන් මැදපෙරදික කලාපයේ සිදුකෙරෙන දැවැන්තම වෙසක් මංගල්‍යය හෙට ඩුබායිහි ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මේ වන විට වෙසක් මංගල්‍යය අති උත්කර්ශවත් අන්දමින් සැමරීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. හෙට සවස 4 සිට රාත්‍රී 9 දක්වා මෙම වෙසක් මංගල්‍යය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය සහ ඩුබායිහි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික කලා ආයතන දායකත්වයෙන් සංවිධානය වන වෙසක් පෙරහැර, බක්ති ගී, වෙසක් නාට්‍ය වැනි වෙසක් සංස්කෘතික මංගල්‍යයේ සියළු කටයුතු සූදානම් කොට ඇති අතර වෙසක් පහන් කූඩු සහ වෙසක් තොරණ ආදී නිර්මාණ කටයුතු ද අවසන් වෙමින් පවතී.
මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් දන්සල් 17 සංවිධානය කොට තිබෙනවා. ඒ අතර බත් දන්සැලක්, කඩල, පාන්, සිසිල් පැන්, අයිස්ක්‍රීම් වැනි දන්සල් සහ දහම් පොත් දන්සැලක්ද ඇතුලත් වෙනවා.
වසර තුනක නිහැඬියාවකට පසුව සිදුකෙරෙන මෙම වෙසක් මංගල්‍යයට මෙවර විශාල ජනතා සහභාගිත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මව් බිමෙන් බැහැරව වෙනත් දේශයකදී ඉහලින් සමරණ මෙම වෙසක් මංගල්‍යයට ඔබ සැමගේ සහාභාගිත්වයත් උතුම් කොට සලකනවා.
වෙසක් මංගල්‍යයේ කටයුතු මෙහෙයවීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය, ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකික කලා ආයතන, සියලුම ශ්‍රී ලාංකික ස්වෙච්ඡා ආයතන හා සියලුම ශ්‍රී ලාංකික වෘත්තීය සංවිධාන විසිනි.