Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»විශාල සැදැහැවතුන් පිරිසක් සමග අබුඩාබි​යේ වෙසක් මහා පින්කම් මාලාවක්
Events

විශාල සැදැහැවතුන් පිරිසක් සමග අබුඩාබි​යේ වෙසක් මහා පින්කම් මාලාවක්

Stanly KularathnaBy Stanly KularathnaMay 14, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අසිරිමත් සම්බුදු තෙමගුල සිදු වූ ඒ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයට ස​මගාමී​ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ස​හ විහාරස්ථ දායක සභාව විසින් වෙසක් මහා පින්කම් මාලාවක් පූජ්‍ය යටිගල රතනවංශ ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ​පරිශ්‍රයේදී පසුගියදා පවත්වනු ලැබුවා.

පොහොය දින සවස ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීමත් ඉන් අනතුරු​ව ධර්ම දේශනයක් පැවැත්වීමත් සිදුකලා.

ඉරු දින පෙ.ව. 6:30 සිට සීල භාවනා වැඩසටහනක් පවත්වනු ලැබුවා. මෙදි​න ව්‍යංජන 32 සහිත සම්බුද්ධ පූජාව පිරිනැමීමත් දළදා තේවාව පැවැත්වී​මත් සිදුකරණු ලැබුවා. එදිනම සවස ඖෂධ 32 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව පිරිනැමීමත් ඉන් අනතුරුව ධර්ම දේශනයක් ද පවත්වනු ලැබුවා.

මෙම පිංකම් මාලාව සඳහා විශාල ශ්‍රී ලංකික බෞද්ධ ජන සහභාගිත්වයක් ලැබී තිබුණා. මව්බිමෙන් බැහැරව කාර්ය බහුල ජීවන රටාවක් ගත කරන බෞද්ධ ජනයාට බොදු වත්පිළිවෙත් නොඅඩුව සිදු කරගන්නට අවස්ථාවක් ලැබීම ඔවුනට මහත් අස්වැසිල්ලක් වූවා.

Abu Dhabi Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන්නන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්
Next Article Mr, Miss & Mrs Sri lanka 2023 තරඟයේ ජයග්‍රාහකයින්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.