Ishi Beauty Saloon මගින් ප්‍රථම වතාවට ඉදිරිපත් කල Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟයේ Grand Finale ඊයේ රාත්‍රී බර්ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙල්සියර් හෝටලයේ දී පැවැත් වූවා.
දැඩි උද්යෝගයකින් පිරි ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවති මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීන රූපලාවන්‍ය හා මෝස්තර නිරූපණ ශිල්පින් නිරත වූ අතර තරඟයේ අනුග්රාහකයන් මෙම තරඟාවලිය සඳහාම ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත පැමිණ සිටීම විශේෂත්වයක් වූවා.
Miss Sri Lanka / Mr Sri lanka / Mrs Sri Lanka යන කාණ්ඩ 3ක් යටතේ තරඟකරුවන් තරඟ වැදුන අතර එක් එක් කාණ්ඩය යටතේ අවසන් ජයග්‍රාහකයන් තෝරාගැන්මට තරඟවට කීපයක් පවත්වනු ලැබූ අතර අවසන් කිරුළු හිමිවුයේ
Miss Sri Lanka ලෙස තෂිණි ඔමානි
Mr Sri lanka ලෙස ෂෙයික් හර්ෂන් සහ
Mrs Sri Lanka ලෙස රෙෂිමා අනන්ජි(රෙෂී) යන තිදෙනාටයි.