එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහන සුභසාධක සංගමය මගින් සංවිධානය කරණු ලබන “සහන” ලේ දන්දීමේ කඳවුරක්
පෙරවරු 7:00 සිට සවස 6:00 දක්වා
මැයි මස 22 වෙනිදා සිට 24 වෙනිදා තෙක් දින තුනක් පුරාවට
ඩුබායිහි අල් ජඩාෆ් – ලේ දන්දීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා
මේ ලේ දන්දීමේ කඳවුරේදී ඔබ දායකත්වයෙන් දන්දෙන ලේ බිඳුවකින් මේ පොලොව මත තම ජීවිතය තවදුරටත් රඳවාගන්නට, තම ජීවිතයේ අවසන්ම හෝරා කීපය අසල හිඳින, ජීවිතය අයදින අසරණ රෝගීන් වෙනුවෙන් කෙරෙන විශ්වයේ පවතින උතුම් පරිත්‍යාගයක්ම වන්නේය.
අවසන් මොහොතක එලෙස ජීවිතය අයදින රෝගියා මොන තරාතිරමක කෙනෙක් වූවත්, කුමන ජාතියක්, රටක්, ආගමක් නියෝජනය කලත් එවැන්නෙකුට ජීවිතය දෙන්නට ඔබත් මෙය අවස්ථාවක් කරගන්න.
ඉහත දින තුනෙන් එකක “සහන” ලේ දන්දීමේ කඳවුරට පැමිණ මේ උතුම් සත්ක්‍රියාවට දායකත්වය ලබාදෙන ලෙස ආයාචනා කරන්නෙමු.
ඔබ ලේ දන්දීමේ කඳවුරට සහභාගීවන්නේ නම් පහත සබැඳිය වෙත ගොස් එහි ලියාපදිංචි වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ලියාපදිංචි සඳහා මෙතනින්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය වන සහන සුභසාධක සංගමය මගිනුයි “සහන” ලේ දන්දීමේ කඳවුර සංවිධානය කරණු ලබන්නේ.
පැමිණෙන සියලු දෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස සහන සුභසාධක සංගමය ඔබ සැමගෙන් ඉල්ලා සිටී.