Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»UAE හි සමාජ මාධ්‍යවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයට එරෙහිව සටන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරයි
Notice

UAE හි සමාජ මාධ්‍යවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයට එරෙහිව සටන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaMay 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ සමාජ මාධ්‍යවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමේ ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා පුළුල් මාර්ගගත ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.

“එය නැවැත්වීමට අප හා එක්වන්න” වැඩසටහනට නායකත්වය දෙමින්, නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලුතිනන් ජෙනරාල් අතිගරු ෂෙයික් සයිෆ් බින් සයීඩ් අල් නහියන්, තත්වයේ බරපතලකම ඉස්මතු කරමින් පවුල් සහ UAE ප්‍රජාව ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔහුගේ නිල ට්විටර් ගිණුමේ වීඩියෝවක් බෙදා ගත්තේය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිරිනැමීම් සඳහා තනි පුද්ගල WhatsApp ගිණුම් වෙත පණිවිඩ ගලා එන ආකාරය සහ මෙය නැවැත්වීමට කඩිනම් සහ සාමූහික ක්‍රියාමාර්ග ගැනීම කොතරම් වැදගත්ද යන්න වීඩියෝවෙන් දැක්වේ. මෙවැනි අනර්ථකාරී පණිවිඩ පැතිරීම මැඩලීම සඳහා විමසිලිමත් වන ලෙසත් ක්‍රියාකාරී වන ලෙසත් මෙම වීඩියෝව මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් ද කරයි.

එම වීඩියෝවෙහි​ම, ෆෙඩරල් මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, බ්‍රිගේඩියර් අබ්දුල් රහ්මාන් අල් ඕවයිස්, එවැනි අපරාධ වැළැක්වීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාකාරී ස්ථාවරය ගැන කතා කරයි.

කෘතීම බුද්ධිය (AI) භාවිතා කිරීම

අල් ඕවයිස් පවසන පරිදි, මෙම නීති විරෝධී ක්‍රියාකාරකම්වල මූලාශ්‍රය සෙවීමේදී කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම ඇතුළුව නවීන යාන්ත්‍රණ සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය කෘතිම බුද්ධි අමාත්‍යාංශය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරයි.

කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ දුරස්ථ වැඩ යෙදුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඔමාර් බින් සුල්තාන් අල් ඔලාමා වීඩියෝවෙන් පැහැදිලි කරන්නේ නීති විරෝධී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට AI සතුව ඉහළ බුද්ධිමය හැකියාවන් ඇති බවයි.

මානව මැදිහත්වීමකින් තොරව, කාලයත් සමඟ එවැනි අන්තර්ගතයන් ඉගෙන ගැනීමට සහ ස්වයංක්‍රීයව අවහිර කිරීමට AI පද්ධති සක්‍රීය කිරීම සඳහා සුපරීක්ෂාකාරී ප්‍රජාවක් විසින් අනවශ්‍ය පණිවිඩ වහාම වාර්තා කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහුගේ උපදෙස වන්නේ මහජනතාවට මෙම හානිකර පණිවිඩ බෙදා නොගන්නා ලෙසත්, ඕනෑම අනර්ථකාරී අන්තර්ගතයක් කඩිනමින් වාර්තා කරන ලෙසත්ය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂාවට ජාත්‍යන්තර ඇගැයීමක්
Next Article ඩුබායිහි RTA බස් රථ තු​ල ඩිරාම් 500 දක්වා දඩ නියම කළ හැකි උල්ලංඝනය කිරීම් 21ක්
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.