Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 23
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයේ, මානුෂීය හා සමා​ජ මෙහෙවර දියත් කරයි
Humanitarian Aid

ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයේ, මානුෂීය හා සමා​ජ මෙහෙවර දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaMay 25, 2023Updated:May 25, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිව​සේ (Safehouse) සිටින ශ්‍රී ලාංකික සහෝදරියන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට සහ උපකාර කිරීමට පසුගියදා ඩුබායි සිලෝන් ලයන්ස් සමාජ​යේ (DCLC) අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මූලිකත්වය ගත්තේය.

මෙහිදී ඩුබායි සිලෝන් ලයන්ස් සමාජය විසින් සුරක්ෂා නිව​සේ සිටි එම කාන්තාවන්ගේ ඇස් පෙනීම පරීක්ෂා කිරීම සහ වෙනත් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කිරීම සඳහා සහාය දක්වන ලදි. මෙම කර්තව්‍ය​ය​ට ඩුබායිහි Aloka Eye Clinic හි වෛද්‍ය උමාශංකර් රාමචන්ද්‍රන් මහතා තම ආයතනික සමාජ වගකීමක් ලෙස සලකමින් එම සේවාවන් නොමිලේ සලසා දීමට කටයුතු කිරීම විශේෂයෙන් සඳහන් කරන්නෙමු.

මීට අමතර​ව කොන්සල් ජනරාල් කාර්යාල බලධාරීන්ගේ ඉල්ලීම පරිදි සුරක්ෂා නිව​​සෙහි තාවකාලික නවාතැන් ගෙ​න සිටින කාන්තාවන් 50 කට වැඩි පිරිසකගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් සැපයීම​ට ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයේ මානුෂීය මෙහෙවර ඔස්සේ හැකි විය.  

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී​ව සමාජයේ සෑම සාමාජිකයෙකුම මෙම වටිනා කාර්යභාරය​ට සහයෝගය සහ දායකත්වය ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස වියළි ආහාර, සිල්ලර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250 කට වැඩි ප්‍රමාණයක් මෙන්​ම රුධිර පීඩන නිරීක්ෂණ උපකර​ණ 2 ක් සුරක්ෂා නිව​ස​ට ලබා දීමට ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයට හැකි විය.

ඩුබායි සිලෝන් ලයන්ස් සමාජය තවත් බොහෝ සේවා ව්‍යාපෘති රැසක් සමඟින් අනාගතයේදී ප්‍රජාවට තවදුරටත් සේවය කිරීමට බලාපොරොත්තු වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් ගුවන් සේවයෙන් නොමිලේ හෝටල් පහසුකම්
Next Article ඩුබායි 3 day super sale අද සිට (26). 90% දක්වා වට්ටම්
Stanly Kularathna

Related Posts

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025

Rashid Rover 2 යානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී සඳට ගොඩ බසියි

May 23, 2025

එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ජුනි මාසයේ සිට අවම බැංකු ශේෂ නීතියක්

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.