Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»එමිරේට්ස් ගුවන් සේවයෙන් නොමිලේ හෝටල් පහසුකම්
Emirates

එමිරේට්ස් ගුවන් සේවයෙන් නොමිලේ හෝටල් පහසුකම්

Stanly KularathnaBy Stanly KularathnaMay 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමිරේට්ස් ගුවන් සේවය සීමිත කාලයක් සඳහා ඩුබායි වෙත ගමන් කරන හෝ එහි නතර වන මගීන්ට නොමිලේ හෝටල් නවාතැන් පහසු​ව ප්‍රකාශයට පත් කළේය. ප්‍රකාශයක් නිකුත් කරමින් ඩුබායි හි ප්‍රමුඛතම ගුවන් සේව​ය පැවසුවේ වෙන්කරවා ගැනීමේ කාලය 2023 මැයි 22 සිට ජුනි 11 දක්වා විවෘතව පවතින බවයි.

එමිරේට්ස්හි First class ​හෝ Business class යාමට-ඒමට ප්‍රවේශපත්‍රයක් මිලදී ගන්නා හෝ ඩුබායි වෙත පැමිණීමට හෝ නැවතීමට පැමිණෙන සංචාරකයින්ට “25Hours Hotel Dubai One Central” හි නොමිලේ රාත්‍රී දෙකක නවාතැනක් භුක්ති විඳිය හැකිය. අනාගත කෞතුකාගාරයට (Museum of the Future) ඉහළින්, DIFC අසල, හෝටලය පිහිටා ඇති අතර සියලුම ප්‍රධාන ආකර්ශනීය ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මගීන්ට ගුවන් තොටුපළට සහ ඉන් පිටතට කුලීර​ථ සේවාවක් ද ලබා ගත හැකිය.

Pemium economy class හෝ Economy class ගමන් කරන ගුවන් මගීන් සඳහා ඩුබායි හි “Novotel World Trade Centre” හෝටලයෙහි නොමිලේ එක් රාත්‍රියක නවාතැන් පහසුකම් ද ගුවන් සමාගම පිරිනමයි. මෙම දීමනාව මැයි 26 සහ අගෝස්තු 31 අතර දිනයන් සඳහා පැය 24කට වැඩි කාලයක් ඩුබායි වෙත යාමට-ඒමට වෙන්කරවා ගන්නා ප්‍රවේශපත්‍ර සඳහා වලංගු වේ. හෝටලය ඩුබායි ජාත්‍යන්තර වෙළ​ඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය (DWTC) තුළ පිහිටා ඇත.

Emirates.com, Emirates ඇමතුම් මධ්‍යස්ථානය, ප්‍රවේශපත්‍ර කාර්යාල හෝ සහභාගී වන සංචාරක නියෝජිතයන් හරහා පැමිණීමට අවම වශයෙන් පැය 96කට පෙර වෙන්කරවා ගැනීම් කළ යුතුය.

ඩුබායි නගරයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ගුවන් ගමන් හවුල්කරුවන්ගෙන් ලැබෙන දීමනා සහ විශේෂ වට්ටම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඔවුන්ගේ එමිරේට්ස් බෝඩිං බලපත්‍රයේ පිටපතක් තබා ගන්නා ලෙස එමිරේට්ස් ගුවන් සේවය පාරිභෝගිකයින්ට මතක් කර දුන්නේය.

දීමනා​වේ වලංගුභාව​ය

වෙන්කරවා ගැනීමේ කාලය: 2023 මැයි 22  – 2023 ජූනි 11

ගමන් කාලය: 2023 මැයි 26  – 2023 අගෝස්තු 31

ගුවන් යානයේදී නොමිලේ WiFi

එමිරේට්ස් ස්කයිවර්ඩ්ස් සඳහා ලියාපදිංචි වූ පසු සෑම ගමන් පන්තියකම මගීන්ට යම් ආකාරයක නොමිලේ සම්බන්ධතාවක් භුක්ති විඳිය හැකි බව ගුවන් සමාගම මෑතකදී නිවේදනය කළේය. එමිරේට්ස් ගුවන් සේවය ගුවන් ගමන් සම්බන්ධතාව මෑත කාලීනව වැඩිදියුණු කිරීම හරහා මෙය කළ හැකි විය.

Skywards සාමාජිකයින්, Blue, Silver, Gold, ස​හ Platinum වේවා, ඕනෑම පන්තියක ගමන් කරන – Economy class, Pemium economy class, Business class හෝ First class යන්නන්​ට නොමිලේ WiFi භුක්ති විඳිය හැක.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ටැක්සි, නවෝත්පාදන සේවා බෙදා හැරීම සඳහා BIZZ ජාත්‍යන්තර සම්මානය දිනා ගනී
Next Article ඩුබායි සිලෝන් ලයන්ස් සමාජයේ, මානුෂීය හා සමා​ජ මෙහෙවර දියත් කරයි
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.