එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්දාවේ ආදී සිසුන් එක්ව සංවිධානය කරණු ලබන “Maroons Night 2023” හි වාර්ෂික හමුවේ 9 වන වටය පසුගියදා ඩුබායි – ඩෙයිරාහි ක්‍රවුන් ප්ලාසා හෝටලයේ අල් තුරායා බෝල් රූම් හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූවා.
විශාල රසික සහභාගිත්වයකින් පැවති මේ වාර්ෂික හමුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ගරු උදය ඉන්ද්‍රරත්න මැතිතුමාද එක්ව සිටි අතර ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වූ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාත් නාලන්න විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක රොෂාන් මහානාම මහතාත් එක්ව සිටියා.
මෙම වාර්ෂික හමුවේදී Maroons Night සඳහාම වෙන්වූ maroonsnight.ae නමින් වෙබ් පිටුවක් එලිදැක්වීම විශේෂිතම සිදුවීමක් වූවා.
මෙම සුවිශෙෂී රාත්‍රියේ දී 2022 වසරේ ආනන්දියා වශයෙන් – අචින්ද විතාරමලගේ සහ 2022 වසරේ නාලන්දියා වශයෙන් දිලිප් සමන්තිලක සම්මානයට පාත්‍රවූවා.
“Maroons Night 2023” රාත්‍රිය සංගීතයෙන් වර්ණවත් කලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Lineone විසිනි.කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍යයන් මෙන්ම UAEහි විවිධ සංවිධාන සහ සංගම් නියොජනය කරන්නන්, ඔවුන්ගේ හිත මිතුරන් මෙන්ම පවුල්වල සාමාජිකයින්ද මෙම වාර්ෂික හමුවට සම්භන්ධ වෙමින් රාත්‍රිය පුරාවට පවත්වන්නට යෙදුන නැටුම් ගැයුම් හා විනෝද කාමී ක්‍රියාකාරකම් රැසක් බුක්ති විඳින්නට එක්වී සිටියා.