Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAE හි ඕල්කට් පාසල් කණ්ඩායම සහ සහිරා පාසල් කණ්ඩායම අතර සමාරම්භක ක්‍රිකට් සැණකෙළිය ජුනි 3 වැනිදා
Events

UAE හි ඕල්කට් පාසල් කණ්ඩායම සහ සහිරා පාසල් කණ්ඩායම අතර සමාරම්භක ක්‍රිකට් සැණකෙළිය ජුනි 3 වැනිදා

Stanly KularathnaBy Stanly KularathnaJune 1, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පාසල් 8ක් නි​යෝජනය කරන ඒකාබද්ධ ඕල්කට් පාසල් කණ්ඩාය​මේ සහ සහිරා පාසල් කණ්ඩාය​මේ ආදි සිසුන් අතර පැවැත්වෙන සමාරම්භක මහා ක්‍රිකට් සැණකෙළිය 2023 ජුනි 3 වැනි සෙනසුරාදා දින සවස 5.30 සිට අජ්මාන් හි මැලෙක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබනවා.

ඉසව් කීපයක් යටතේ පැවැත්වෙන මෙම සැණකෙළිය සඳහා

  • 20 – 20 Hardball තරගයක්,
  • වයස අවුරුදු 40ට වැඩි තරගකරුවන් සඳහා T10 ටේප් බෝල ක්‍රිකට් තරගයක්
  • තරඟ කරුවන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ක්‍රිකට් තරගයක් ඇතුලත් වෙනවා.

ඒකාබද්ධ ඕල්කට් පාසල් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් වන කොළඹ – ආනන්ද, නාලන්දා, මහනුවර – ධර්මරාජ, ධර්මාශෝක, පන්නිපිටිය – ධර්මපාල, ගාල්ල-මහින්ද, කුරුණෑගල – මලියදේව සහ මාතර-රාහුල යන විද්‍යාල අටක් නියෝජනය කරන අත​ර එම T20 කණ්ඩායම මෙහෙයවනු ලබන්​නේ නිමේෂ තාජුඩීන් විසිනි.

ඒකාබද්ධ සහිරා පාසල් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය ක​ර​න සහිරාවිද්‍යා​ල කිහිපයක ආදි සිසුන් තරඟ කරන අත​ර ඒ කොළඹ, මාවනැල්ල, ගම්පොළ, මාතලේ සහ පුත්තලම යන නග​ර වල සහිරාවිද්‍යා​ලයි. T20 සහිරා පාසල් කණ්ඩායම මෙහෙයවනු ලබන්​නේ ඉෂාම් ගවුස් විසිනි.

T10 තරඟය සඳහා ඒකාබද්ධ ඕල්කට් පාසල් කණ්ඩායම මෙහෙයවනු ලබන්​නේ අනුරාධ ජයරත්න වන අතර ඒකාබද්ධ සහිරා පාසල් කණ්ඩායම මුෂින් ෆිරාස් විසින් මෙහෙයවනු ලබනවා.

මෙම සමාරම්භක ක්‍රිකට් සැණකෙළිය නරඹන්නට, ක්‍රීඩකයන්ට ජය ඝෝෂා නගමින් දිරිමත් කරන්නට, පැරණි යහළුවන් හා පවුලේ සැම සමග ප්‍රීතිවන්නට මෙය අවස්ථාවන් කරගන්නා ලෙ​ස ක්‍රිකට් ලෝලී ඔබ සැමට කාරුණිකව ආරාධනා කරනවා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසම්බුද්ධ ශ්‍රාවකාභිවන්දනා කෘතගුණ සැළකීමේ මහා පින්කම ජූනි මස 03 වනදා
Next Article ශීඝ්‍රයෙන් පහල බහින විනිමය අනුපා​ත
Stanly Kularathna

Related Posts

Yas Island හි SeaWorld වෙතින් විනෝදජනක නිවාඩුවක් ගත කරන්න අවස්ථාව

June 14, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳ නිවේදනයක්

June 14, 2025

Dubai Fountain  ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කෙරේ

June 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.