සම්මාසම්බුදු රජානන්ගේ දහම් පණිවිඩය ශ්‍රී ලංකාදීප ධරණිතලයට රැගෙන ආ පින්වත් පොසොන් පොහොය දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ සුනාපරන්ත දේශයේ පුන්නමහ රහතන්වහන්සේගේ අසිරිමත් ගුණවරුණ සම්බුද්ධ පූජාව සහ ධර් ම දේශනය ඇතුලත්
සම්බුද්ධ ශ්‍රාවකාභිවන්දනා කෘතගුණ සැළකීමේ මහා පින්කම
2023 ජූනි මස 03 වන සෙනසුරාදා සවස 7:00 සිට 9:00 දක්වා
ඩුබායි ලී මැරිඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මෙම පුණ්‍යකර්මය සංවිධානය කෙරෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සංඝණායක සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර විහාරාධිපති අතිගරු පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන්ගේ පූර්ණ ආශීර්වාදය හා මගපෙන්වීම යටතේ ඩුබායි ලංකාරාමවාසී ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් හා විරාරස්ථ දායක සභාවේ සහයෝගයෙනි.
සම්මාසම්බුදු රජානන්සේ, සද්ධර්ම රත්නය සහ ආර්ය මහ සංඝරත්නය අරමුණු කොට ගෙන සිදුකෙරෙන මේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වී මෙලොව සහ පරලොව ශාන්තියත් අමාමහනිවනින් පරම ශාන්තියත් අත්කරගැන්මට සැමට ආරාධනා කෙරෙනවා.