අනුබුදු මිහිඳු මාහිමියන් මිහින්තලයට වැඩම කොට ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිට වූ උතුම් පොසොන් උත්සවය සැමරීම සඳහා පැවැත්වෙන “අබුඩාබි පොසොන් කලාපය 2023” එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී ජුනි 3 සහ 4 දෙදින තුල පවත්වනු ලබනවා.
මෙහිදී ජුනි 3 වන සෙනසුරාදා සවස 7:00 සිට “බැති ගී සරණිය” පොසොන් බක්ති ගායනා වැඩසටහනත්, සම්බුද්ධ පූජාව සහ ඉන් අනතුරුව සුමධුර ධර්මදේශණාවක් පැවැත්වෙන අතර
ජුනි 4 වන ඉරිදා උදෑසන 6:30 සිට ශීල භාවනා වැඩසටහන පවත්වනු ලබනවා. එදිනම සවස 7:00 සිට සම්බුද්ධ පූජාව සහ ඉන් අනතුරුව සුමධුර ධර්මදේශණාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.
පොසොන් උත්සවය සඳහා නිර්මාණය කල දර්ශණීය තොරණ සහ මිහින්තලා අනුරුවත් මෙම දින දෙක පුරාවට ප්‍රදර්ශණය කරනු ලබන අතර එහිදී දන්සැලක්ද පවත්වන්නට සංවිධායනය කොට තිබෙනවා.
“අබුඩාබි පොසොන් කලාපය 2023” සංවිධායනය කරනු ලබන්නේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තානාපති කාර් යාලයීය විහාරස්ථ දායක සභාව, දහම් පාසල් තරුණ කැල ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව විසිනි.