විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකාවට යවා ඇති බවත්, මැයි මාසයේදී පමණක් යැවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ ආකාරයට මේ වසර තුළදී ශ්‍රී ලංකාවට ​යවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 792 ක් වන බවද ඔහු කීවේය.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක මුදලක් ​යවා තිබෙන අතර පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4ක මුදලක් ​යවා තිබේ. මාර්තු මාසයේදී පමණක් විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක මුදලක් ​යවා ඇත. අප්‍රේල් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 454 ක මුදලක් ශ්‍රී ලංකාවට ​යවා තිබුණි.

Share.

Comments are closed.