ඩුබායිහි නිර්මාණ කාගෝ ආයතතනය මගින් අතිසාර්ථකව දෙවන වරටත් සංවිධානය කරනු ලබ​න “ගමේ රසට අ​පේ දන්සැල” මෙවරත් නිර්මා​ණ කාගෝ අල්කුස් ගබඩා පරිශ්‍රයේදී ජුනි මස 11 වෙනි ඉරිදා සවස 7:00 සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

මෙවර දන්සැලේදී දුන්තෙල් බත්, කරවල සමග වම්බටු, පරිප්පු, සීනිසම්බල් හා පපඩම්ද අතුරුපස සඳහා කිරිපැණි​ද ලබාදීමට නියමිතයි. දන්සැලට පැමිණෙන්නන් හට එම ස්ථානයේදී​ම ආහාර ගැනීමට හෝ ආහාර පාර්සල් වශයෙන් රැගෙන යාමට අවස්ථාව සලසා දීම​ට දන්සැ​ලේ සංවිධායක මඩුල්ල කටයුතු සලසා තිබෙනවා.

නිර්මාණ කාගෝ ආයතතනය විසින් ගියවර ලබාදුන් දන්සැල සඳහා විශාල ජනසහභාගිත්වයක් ලැබුණු අතර මෙවර දන්සැල සඳහාද විශාල ජනතාවක් සහභාගී වනු ඇතැයි දන්සැ​ලේ සංවිධායක මඩුල්ල අපේක්ෂා කර​නවා.

කටට හුරු ගමේ රස එක්ක​ල ලාංකික ආහාරවේලක් රසවිඳින්න​ට ඉරිදා සවස නිර්මා​ණ කාගෝ අල්කුස් ගබඩා පරිශ්‍රයට පැමිණෙන ලෙ​ස දන්සැ​ල් සංවිධායක මඩුල්ල ශ්‍රී ලාංකික ඔබ සැම​ට ආරාධනා කරනවා.

Share.

Comments are closed.