ඩුබායිහි පුද්ගලයන් 30 දෙනෙකුගෙන් යුත් කල්ලියක් සහ සමාගම් 7ක් තවත් පුද්ගලයින් සහ සමාගම් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය හරහා සිදු කරන ලද වංචාවකදී මුදල් විශුද්ධිකරණය කිරීම සහ ඩිරාම් මිලියන 32ක් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබේ.

මුදල් විශුද්ධිකරණ අධිකරණය, කල්ලියේ සාමාජිකයන් 30 දෙනාට වසර 96ක සිර දඬුවමක් නියම කළේය. සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසු ඔවුන් රටින් පිටුවහල් කිරීමට නියමිතය. විත්තිකරුවන්ට ඩිරාම් මිලියන 32කට වැඩි දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

අපරාධය සඳහා භාවිත කළ පරි​ඝණක සහ දුරකථන රාජසන්තක කරන ලෙස ද අධිකරණය නියෝග කළේය. මීට අමතරව, එ​ම නඩුවට සම්බන්ධ සමාගම් හතට ඩිරාම් 700,000 ක ඒකාබද්ධ දඩයක් නියම කළේය. දඩ මුදල පියවා ගැනීම සඳහා උසාවියට විත්තිකරුවන්ට අයත් අරමුදල් හෝ වත්කම් රාජසන්තක කළ හැකිය.

මුදල් විශුද්ධිකරණය සහ ඩිරාම් මිලියන 32 මාර්ගගත වංචාවක් කිරී​ම සම්බන්ධයෙන් නීතිපති දෙපාර් ථමේන්තුව විසින් පුද්ගලයින් 30 දෙනෙකු සහ සමාගම් හත​ට ඩුබායි අධිකරණය වෙත යොමු කරන ලදී.

ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සහ මහජන අරමුදල් නඩු පැවරුම් ප්‍රධානී උපදේශක ඉස්මයිල් මදනි පැවසුවේ මෙම කල්ලිය වින්දිතයින්ට සංවේදී තොරතුරු රැස්කිරීම​ට (phishing) ඊමේල් 118,000ක් යවා මුදල් සොරකම් කර ඇති බවයි. අපරාධකරුවන්, වින්දිතයන්​ගේ ව්‍යාපාරික සබඳතා පැවැත්වූ බැංකු සහ මූල්‍ය ආයතන ලෙස පෙනී සිටියේය.

“මෙම phishing ඊමේල් මගින් වින්දිතයන්ගෙන් ඉල්ලා තිබෙන්​නේ විත්තිකරුවන්ගේ ගිණුම් වෙත ගෙවීම් මාරු කරන ලෙසයි. පසුව, විත්තිකරුවන් එම මුදල් ලබාගෙන හෝ වෙනත් ගිණුම්වලට මාරු කර ඇති අතර, අනෙක් විත්තිකරුවන් මුදල්වල අයථා මූලාශ්‍රය වසන් කිරීම සඳහා පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගෙන ඇත,” නිලධාරියා පැවසීය.

ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි මුදල් විශුද්ධිකරණය, මාර්ගගත අපරාධ සහ වංචාවලට එරෙහිව සටන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව උපදේශක ඉස්මයිල් මදනි පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනය සඳහා ශක්තිමත් ක්‍රමවේදයක් සකස් කර ඇත. 2022 නොවැම්බර් සිට 2023 පෙබරවාරි දක්වා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන නව නඩු 122 ක් විවෘත කර ඇති අතර, 109 ක් විමර්ශනය කරන ලදී.

Share.

Comments are closed.