මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) විසින් මෙම යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි නොවීම සඳහා දඩ මුදල් ඔක්තෝබර් 1 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන බව නිවේදනය කර ඇත.

මුලදී, අවසාන දිනය ජූලි 1 ලෙස නිවේදනය කොට තිබූ නමුත් සියලුම පදිංචිකරුවන්ට ලියාපදිංචි වීමට කාලය ලබා දීම සඳහා මෙය කල් දමා ඇත.

UAE විරැකියා රක්ෂණය සඳහා ලියාපදිංචි නොවීම සඳහා දඩ මුදල ඩිරාම් 400 කි.

පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීමේ අරමුණින් මෙම නව යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

සේවකයන්​ගේ පාලනයෙන් තොර හේතුන් නිසා රැකියාව අහිමි වුවහොත්, සැලැස්ම මඟින් මාස තුනක කාලයක් සඳහා මුදල් වන්දි ලබා දීමට කටයුතු කෙරෙනවා. මෙම යෝජනා ක්‍රම​ය පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අනිවාර්ය වේ.

රක්ෂණ ක්‍රමය කාණ්ඩ දෙකකට බෙදා ඇත – පළමුවැන්න ඩිරාම් 16,000 ​හෝ ඊට අඩු මූලික වැටුපක් ඇති අය ආවරණය කරයි. මෙම කාණ්ඩයේ රක්ෂිත සේවකයාගේ වියදම මසකට ඩිරාම් 5 හෝ වාර්ෂිකව ඩිරාම් 60 වේ.

දෙවන කාණ්ඩයට ඩිරාම් 16,000 ඉක්මවන මූලික වැටුපක් ඇති අය ඇතුළත් වේ. රක්ෂණ පිරිවැය මසකට ඩිරාම් 10 ක් හෝ වාර්ෂිකව ඩිරාම් 120 කි.

සේවකයාට මාසික, කාර්තුමය, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික පදනමින් ගෙවීම සිදු කළ හැකිය.

Share.

Comments are closed.