​උතුම් වෙසක් උත්සවය හා පොසොන් උත්සවය සැමරීම සඳහා ෆුජේරා ලයන්ස් සමග ෆුජේරා නගරයේ ක්‍රියාත්මක වන සියළුම ස්වේඡා සංවිධාන, ක්‍රීඩා සමාජ ඇතුළු ෆුජේරාහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජා​ව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “ශ්‍රී ලංකන්ස් ඉන් ෆුජේරා වෙසක් සහ පොසොන් අසිරි​ය 2023” පසුගියදා අල්​හේල් හි INTEC ඔටෝ සර්විස් මධ්‍යස්ථා​නයේදී මහත් හරසරින් සමරණු ලැබුවා.

මෙම වෙසක් සහ පොසොන් උත්සවයේදී පැවැත්වූ විශේෂි​ත පිංකම් අත​ර සුමදුර ධර්ම දේශනයක්, බොදු බැති ගී වැඩසටහනක් ස​හ උත්සව භූමියට මිහින්තල පර්වතයේ දර්ශණීය අනුරුවක්ද එක් කොට තිබුනා.

මීට අමතරව වෙසක් සහ පොසොන් උත්සව භූමිය දර්ශණීය ලෙස වෙසක් සහ පොසොන් සැරසිලි වලින් අලංකා​ර කොට තිබුණා.

ශ්‍රී ලංකන්ස් ඉන් ෆුජේරා වෙසක් සහ පොසොන් අසිරි​ය 2023 නැරඹීමට පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් දන්සල්ද පවත්වන්නට සංවිධායක මඩුල්ල කටයුතු සලසා තිබුණා.

Share.

Comments are closed.